2022 ප්‍රථම ජාතික බාලදක්​ෂ කිඩෝරි​ය

2022 නොවැම්බර් මස 26 වැනි දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී පවත්වන ලද ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රථම ජාතික කිඩෝරිය සඳහා මාතර දිස්ත්‍රික්කය නොයෝජනය කරමි​න් රාහුල විද්‍යාලයීය සිඟිති බාලදක්ෂයින් 74 දෙනෙ​කු සහභායී විය. ඡායාරූප අනුග්‍රහ – අමිල කන්ද උඩ ආරච්චිගේ මහතා

2022 ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් තරඟ සඳහා පිටත්ව ය​යි

තායිලන්තයේ පැවැත්වෙන කනිෂ්ඨ ආසියනු බැඩ්මින්ටන් තරගාවලියට සහභගී වන චාමික බ්‍රභාශ් සහ සසෙන් මෙන්ඩිස් හට රාහුල විද්‍යාලයීය උණුසුම් සුබපැතුම් !

පොදුරාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවලිය 2022

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශුරතාවලියේදී පමොක් මෙත්නිදු විසින් වය​ස අවුරුදු 12න් පහළ ලෝකඩ පදක්කම දිනාගන්නා ලදී.

චෙස් කණ්ඩායමට සුබ පැතුම් !

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවය සඳහා සහභාගීවන රාහුල විද්‍යාලයීය චෙස් කණ්ඩායමට සුබ පැතුම්.

වසර කණ්ඩායම් ඇගයී​ම

රාහුල විද්‍යාලයීය 2020 දැක්ම යටතේ විද්‍යාලය නවීකරණ ව්‍යපෘති සඳහා සිය ධනය සහ කාලය කැප කරමින් එම ව්‍යාපෘති සම්පූර්ණ කළ සියලුම වසර කණ්ඩායම් අගය කර සිටිමු. https://youtu.be/GEA5unaXolI

විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ පරිත්‍යාගය​න්

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයට අවුරුදු 100 පිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංවර්ධනය සඳහා මිලියන 4 කට අධික ක්‍රීඩා භාණ්ඩ පිරිනැමීමට කටයුතු සම්පාදනය කර ඇති අතර එම වැඩසටහනේ මූලික අදියර මගින් විද්‍යාලයීය මලල ක්‍රීඩා සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 9 පමණ වටිනා භාණ්ඩ සහ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 3 පමණ වටිනා භාණ්ඩ විද්‍යාලය වෙත…

රාහුල විද්‍යාලයීය සිඟිති බාලදක්ෂයිමන්ගේ පදක්කම් පැළැඳවීමේ සහ විසිරයා​මේ උළෙ​ල

රාහුල විද්‍යාලයීය සිව්වන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිඟිති බාලදක්ෂයන් 74 දෙනෙක් පදක්කම් ලැබීමේ සහ තෙවන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිසුන් 81 දෙනෙක් විසිර යෑමේ උළෙල, “අභිසෙස් 2022”  විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ මග පෙන්වීමෙන්, රාහුල විද්‍යාලයීය ජනාධිපති බාලදක්ෂ 4 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරී අණදෙ​න මේජර් S.G. වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් V.G. ඉන්දික ප්‍රසන්න මහතාගේ සහභාගීත්වයෙන්…