රාහුල විද්‍යාලය ජාත්‍යන්තර තලයට!

පිලිපීනයේදී අභිමානයෙන් පැවැත්වීමට නියමිත 33 වන ආසියා-පැසිෆික් කලාපීය බාලදක්ෂ ජැම්බෝරිය (33rd Asia-Pacific Regional Scout Jamboree) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මාතර රාහුල විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම සුදුසුකම් ලබා ඇත. ජාත්‍යන්තර තලයේ මෙවැනි ඓතිහාසික අවස්ථාවකට අපේ දූ දරුවන් එක්වීම සමස්ත විද්‍යාලයටම මෙන්ම රටටම මහත් ආඩම්බරයකි. මෙම ජයග්‍රහණය පිටුපස සිටින බාලදක්ෂ නායකතුමා ඇතුළු සමස්ත කණ්ඩායමටම අපගේ උණුසුම් සුබපැතුම්…

ප්‍රමුඛාභිමානී 2025

මාතර රාහුල විද්‍යාලයේදී, ශ්‍රේණි 03  බාලදක්ෂයින් සඳහා වූ අති උත්කර්ෂවත් ලාංඡන ප්‍රදානෝත්සවය වන “ප්‍රමුඛාභිමානී 2025” වැඩසටහන, 2025 ජූලි මස 29 වන අඟහරුවාදා දින අභිමානවත් ලෙස පවත්වන ලදි. බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික පුහුණුව සාර්ථකව නිමා කළ ශිෂ්‍යයින් 88 දෙනෙකුගේ නිල ප්‍රවේශය සනිටුහන් කළ මෙම වැදගත් උත්සවය, ඔවුන්ගේ වගකිවයුතු පුරවැසිභාවය සහ සමස්ත පෞරුෂ සංවර්ධනය සඳහා වන ගමනේ ආරම්භය…

රාහුල විද්‍යාලීය ජනාධිපති බාලදක්ෂ පදක්කම්ලාභීන් 2024

2024 වසර සඳහා ජනාධිපති බාලදක්ෂයින් 11 දෙනෙකු බිහි කිරීමේ ජයග්‍රහණය මාතර රාහුල විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ආඩම්බරයෙන් සමරයි.RahulaCollege #RahulaCollegeLK

Enrollment ’25 | සිඟිති බාලදක්ෂ පදක්කම් ලැබීමේ උළෙල

රාහුල විද්‍යාලයීය හත්වන සිංගිති බාලදක්ෂ ගොමුවේ 87 දෙනෙකුට සිංගිති බාලදක්ෂ සාමාජික පදක්කම් ලැබීමේ උළෙල, විද්‍යාලයීය විදුහල්පති මහාචාර්ය සමිත කුරුකුලසූරියගේ මග පෙන්වීමෙන්, රාහුල විද්‍යාලයීය ජනාධිපති බාලදක්ෂ දිනූෂ හරීන්ද්‍ර දළදාවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් සුදත් මංගල මහතා සහ විද්‍යාලයීය සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන්, 2025.01.16 වැනිදා, රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි

රාහුල බාලදක්ෂ සමූහයේ 2024/25 වර්ෂය සඳහා අභිනවයෙන් පත්වූ සමූහ කවුන්සිලය

සමූහ නායක :  ෂසාන් A. ඉන්තාජ් සහය සමූහ නායක : සන්දීප රසාන්ජන සමූහ ලේකම් : සහිරු W. විජේසූරිය සමූහ ප්‍රධාන සංවිධායක : සලිල U. වීරමන් සමූහ භාණ්ඩාගාරික : K. P. මොවිඳු මෙත්නිම් සමූහ ගබඩා පාලක  : H.G.H. හංස මතීශ සමූහ පදක්කම් ලේකම් : K.K. දුලින සුබාත සමූහ මාධ්‍ය සම්බන්ධීකාරක:  B.C.Y.පෙරේරා

රහල් පෝතක බාලදක්ෂ අභිසෙස් 2024

“රහල් පෝතක බාලදක්ෂ අභිසෙස් “ පෝතක බාලදක්ෂයින් 74 දෙනෙකුට පදක්කම් පැළඳවීමේ උත්සවය, විදුහල්පතිතුමියගේ මගපෙන්වීමෙන් රාහුල විද්‍යාලීයය ප්‍රාථමික අංශ පරිශ්‍රයේදි පසුගිය 18 වනදා පැවැත්වුණි.