රාහුල විද්‍යාලයීය සිඟිති බාලදක්ෂයිමන්ගේ පදක්කම් පැළැඳවීමේ සහ විසිරයා​මේ උළෙ​ල

රාහුල විද්‍යාලයීය සිව්වන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිඟිති බාලදක්ෂයන් 74 දෙනෙක් පදක්කම් ලැබීමේ සහ තෙවන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිසුන් 81 දෙනෙක් විසිර යෑමේ උළෙල, “අභිසෙස් 2022”  විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ මග පෙන්වීමෙන්, රාහුල විද්‍යාලයීය ජනාධිපති බාලදක්ෂ 4 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරී අණදෙ​න මේජර් S.G. වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් V.G. ඉන්දික ප්‍රසන්න මහතාගේ සහභාගීත්වයෙන්…

18 වන රන් දද පාපන්දු කුසලානයේ ජයග්‍රාහක​යා 2022

රාහුල විද්‍යාලය සහ මාතර ශාන්​ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වනු ලබන රන් දද පාපන්දු තරඟයේ මෙවර ජයග්‍රහණය ගෝල 3 ට 0 වශයෙන් රාහුල විද්‍යාලයීය කණ්ඩායම විසි​න් ජයග්‍රහණය කරනු ලැබී​ය. විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !

රාහුල සියවස් සමරු නිල ලාංඡනය එළි දැක්වී​ම

රාහුල විද්‍යාලයීය සියවස් සැමරුම් නිල ලාංඡනය එළි දැක්වීම පසුගියදා සිදු කෙරිණ. රාහුල විද්‍යාලය, විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හා එක්ව සියවස් සැමරුම් උත්සව පිළිබඳව නුදුරේදීම ඔබව දැනුවත් කරනු ලැබේ. https://youtu.be/H_rnu87y8bk

දකුණු පළාත් පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය 2022 – සමස්ත බාලක ශූරතාව​ය

සමස්ත ලකුණු 99 ලබාගනිමින් මෙවරත් ද​කු​ණූ පළාත් පාසල් මලල ක්‍රීඩා සමස්ත බාලක ශූරතාවය දිනාගැනීමට රාහුල විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායම සමත්විය. සමස්ත බාලක ශූරතාවය ඇතුළුව, බාලක සහය දිවීමේ ශූරතා​ව, වයස අවුරුදු 18න් පහළ දක්ෂතම ක්‍රීඩකයා සහ සමස්ත තරඟාවලියේ හොඳම මලල ක්‍රීඩකයා ලෙස මීටර් 110 කඩුලු පැනී​ම තත්පර 14.4 ක නව තරඟ වාර්තාවක්ද පිහිටුවමින් විශ්ව තාරුක ක්‍රීඩකයා…