අවුරුදු 17න් පහළ සමස්ත ලංකා බැඩ්මින්ටන් තෙවන ස්ථාන​ය

2022 වසරේ ශ්‍රී ලංකා පාසල් අවුරුදු 17න් පහළ බාලක සුපිරි ඒ කොටසේ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ දෙවැනි අනුශූරතාව රාහුල විද්‍යාලය දිනා ගන්නා ලදී.

ජපාන කරාතේ Do Dojokai 12 වැනි ජාතික ශූරතාවලියේ රන් පදක්කම දිනා ගනී

2022 දෙසැම්බර් 24 වන දින මාතර රුහුණු විශ්ව විද්‍යාලයේදී පැවති 2022 ජපාන කරාතේ Do Dojokai 12 වැනි ජාතික ශූරතාවලියේ,14න් පහළ කණ්ඩායම් කාතා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට රාහුල විද්‍යාලය සමත් විය. ක්‍රීඩකයන් වූ සසෙන් රූබසිංහ, පහන් මනහර, විතුල දෙව්සිතු සහ පුහුණුකරු එස්.රූබසිංහ මහතා ඇතුළු කණ්ඩායමට රාහුල විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !

පාගමන සඳහා සහභා​ගී වූ රාහුල බාලදක්ෂයි​න්

මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය විසින් බාලදක්ෂ ව්‍යාපාරයට වසර 110ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන සහ පා ගමන සඳහා රාහුල විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම සහභාගී විය.

විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයෙන් ජිම්නාස්ටික් කණ්ඩායමට ක්‍රීඩා උපකර​ණ

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයට අවුරුදු 100 පිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංවර්ධනය සඳහා මිලියන 4 කට අධික ක්‍රීඩා භාණ්ඩ පිරිනැමීමට කටයුතු සම්පාදනය කර ඇති අතර එම වැඩසටහනේ තවත් අදියරක් වශයෙ​න් විද්‍යාලයීය ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳ​හා සඳහා අවශ්‍ය රුපියල් 626000/- පමණ වටිනා ක්‍රීඩා උපකර​ණ විද්‍යාලය වෙත ලබාදෙනු ලැබීය.

ගුවන් පියාසර සංගමයට උණුසුම සුබ පැතුම් !

කොළඹ රාජකීය විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය විසින් සංවිධානය කරන ලද, සමස්ත ලංකා ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගත් රාහුල විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය​ට විද්‍යාලයී​ය උණුසුම් සු​බ පැතුම්!