8වන Ferguson Adventure කුසලානය 2023

ෆර්ගසන් උසස් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද 8වන ෆර්ගසන් වික්‍රමාන්විත කුසලානයේ අනුශූරතාවය ලබා ගත් රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහයට අපගේ උණුසුම් සුභ පැතුම්!

Astron’23 – සමස්ත ලංකා තාරකා විද්‍යා තරගය

ත්‍රිත්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ Astron’23 සමස්ත ලංකා තාරකා විද්‍යා තරගයෙන් ජයග්‍රහණය කළ රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමයට අපගේ උණුසුම් සුභ පැතුම්! ජයග්‍රාහී කණ්ඩායම : සවිඳු සඳුමිණ නිම්න සචිත් මංජි ලියනාරච්චි චලන නෙත්සර ජනිරු පුල්සිත

Best Web LK විශේෂ ඇගයීම් සම්මාන​ය

රාහුල විද්‍යාලයීය නිල වෙබ් අඩවිය වන rahulacollege.lk වෙබ් අඩවිය, bestweb.lk 2023 තරගයෙන් විශේෂ ඇගයීම් සම්මානයක් දිනාගන්නා ලදී.

සම්පත් රණවක අනුස්මරණ අභියෝගතා කුසලානය 2023 – 2වන අනුශූරතාවය

22වන සම්පත් රණවක අනුස්මරණ අභියෝගතා කුසලානය – 2023 මෙහිදී රාහුල විද්‍යාලීය බාලදක්ෂ සමූහය 2වන අනුශූරතාවය ලබාගන්නා ලදී.මෙම තරගය කුරුණෑගල මලියදේව බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරන ලදී. ජයග්‍රාහී කණ්ඩායම : තේජාන් මාතරගේ ධරණ වල්පොළ යොමාල් වික්‍රමසිංහ නිදුල සත්සර ශෂික සඳරුවන් ඔෂාන් වර්ණසූරිය හංස මතීෂ දිමල්ක ඉමංජිත්  

රාහුල විද්‍යාලය වෙනුවෙන් ඔබගේ මනාපය ලබා දෙන්න – BestWeb.lk 2023

www.vote.bestweb.lkඉහත ලබා දී ඇති සබැඳිය හරහා මනාපය ලබාදීමෙන් රාහුල විද්‍යාලයට ඔබේ සහයෝගය ලබදිය හැකිය. සෑම මනාපයක්ම ඉතා වැදගත් වේ. එබැවින් හැකිතරම් මනාප පළකරන්න. පහත පියවර අනුගමනය කරන්න! Login > University and Education Institute Website > Vote For rahulacollege.lk #RahulaCollege #RahulaCollegeLK

SEGNO Adventure Challenge Competition – 2023 හි හොඳම ගවේෂකයා

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන SEGNO Adventure Challenge Competition – 2023 හි හොඳම ගවේෂකයා බවට තේරී පත් වූ ජේ.ආර්.ඒ නිදුල සත්සරට අපගේ උණුසුම් සුභ පැතුම්.!

2023 දකුණු පළාත් කනිෂ්ඨ කරාතේ ශූරතාවලියේ ජයග්‍රාහකයින්

කාතා කණ්ඩායම තුනවන ස්ථානය – ක්‍රිෂෙල් ස්ටීව්, රෙසඳු දෙව්මිත, එනුක් අත්සර 11න් පහළ කාතා ප්‍රථම ස්ථානය – ගෙසඳු නෙත්මිර 12න් පහළ කාතා තුන්වන ස්ථානය – රෙතික සිත්නල් 13න් පහළ කාතා තුන්වන ස්ථානය – රෙසඳු දෙව්මිත 11න් පහළ (-35KG) කුමිතේ තුන්වන ස්ථානය – ගෙසඳු නෙත්මිර 12න් පහළ (-38KG) දෙවන ස්ථානය – නෙතූෂ සත්සර 12න් පහළ (+38KG)…

රාහුල බාලදක්ෂ සමූහයේ 2023/24 වර්ෂය සඳහා අභිනවයෙන් පත්වූ සමූහ කවුන්සිලය

නායක : තේජාන් තීක්ෂණ මාතරගේ උප නායක : ධරණ චමල්ප වල්පොළ ලේකම් : යොමාල් බිම්සර වික්‍රමසිංහ ප්‍රධාන සංවිධායක : නිදුල සත්සර භාණ්ඩාගාරික : රනුල් ජනාදිත් වික්‍රමසිංහ ගබඩා පාලක : ශෂික සඳරුවන් පදක්කම් ලේකම් : සහිරු නිමන්දිත් කරුණාරත්න ප්‍රථමාධාර ලේකම් : අදිත පංකජ දික්කුඹුර කමිටු සාමාජිකයින් : කුෂාන් අචින්ත යාපාසුහර සුජයනඔෂාන් නයනාත් වර්ණසූරියඔමිත වෙත්නුල ද සිල්වාරන්දික…

සියවස් ප්‍රතාප බටහිර තූර්ය වාදක සන්දර්ශන​ය

රාහුල විද්‍යාලයට සිය වසක් සපිරීම නිමිත්තෙන් මාතර රාහුල විද්‍යාලය, මාතර සුජාතා බාලිකා විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය, මාතර සාන්ත තෝමස් උසස් බාලි​කා විද්‍යාලය, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර ජනාධිපති විද්‍යාලය හා මාතර මධ්‍ය මහා විද්‍යාලයීය බටහිර තූර්ය වාදක කණ්ඩායම් සහභාගීත්වයෙන් සිදුකර​න ල​ද තූර්ය වාදක සන්දර්ශනය රාහුල විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ.