රාහුල විද්‍යාලීය නර්තන ඒකකය, පාසලෙහි අනන්‍යතාව ලොවට කියාපාන ප්‍රධාන මධ්‍යයක් වේ. සාම්ප්‍රදායික උඩරට නර්තනය මුල් කරගත් රාහුල විද්‍යාලීය නර්තන ඒකකය දැයට දායාද කල නර්තන ශිල්පීන් ගණන ඉමහත්ය. අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියාපානා රාහුල විද්‍යාලීය නර්තන ඒකකය රාහුලයන්ගේ දක්ශතා ඔපනංවමින් පුද්ගල ගුණාංග වර්ධනයට වෙර දරයි.

උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අංගයක් වන හිසවෙස් තැබීමේ මංගල්‍යය එස්.කේ.වෙල්ලාල ගුරු පියාණන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රිස්තු වර්ෂ 2000 දී ආරම්භ වී ඇත. එසේ ආරම්භ වූ රාහුල විද්‍යාලීය වෙස් නර්තන කණ්ඩායම වර්තමානය වන විට කණ්ඩායම් අටක් දක්වා වර්ධනය වී තිබේ.

එදා එසේ ආරම්භ වූ විද්‍යාලීය නර්තන ඒකකය අද වන විට විද්‍යාලීය නියමුවාණන් වන මේජර් සුදත් සමරවික්‍රම මහතා හා නර්තන අංශය භාර එන්.බී.ගයනි ජීවන්තා හා මාලිකා නයනි ගුණසේකර යන ගුරුමව්වරුන්ගේ පාලනය යටතේ පවතී.

2022 :

නිර්මාණාත්මක බෙර වාදනය – තුන්වන ස්ථානය

2015 :

ඊරඩි වන්නම – දෙවන ස්ථානය

2013 :

කෝල්මුර නර්තනය – තුන්වන ස්ථානය

2012 :

ගැමි නැටුම් පතුරු – තුන්වන ස්ථානය

2011 :

හනුමා වන්නම – දෙවන ස්ථානය

2010 :

ගජගා වන්නම – ප්‍රථම ස්ථානය
යහන් මුට්ටි පදාය – දෙවන ස්ථානය

2009 :

කෝල් පාඩුව – තෙවන ස්ථානය

2008 :

පොල් පදය – දෙවන ස්ථානය
තුරඟා වන්නම – දෙවන ස්ථානය

2007 :

ඊරඩි වන්නම – දෙවන ස්ථානය

2006 :

බුලත් පදය – දෙවන ස්ථානය

2005 :

දෑකැති දකුණු දැති – දෙවන ස්ථානය

2003 :

යක්තුන් පදය – ප්‍රථම ස්ථානය
කඩු හරඹ – දෙවන ස්ථානය
අස්නෙ නැටුම – තෙවන ස්ථානය

2002 :

ගොග් ගොග් ජිං ජිංගත වට්ටම – ප්‍රථම ස්ථානය
මහබෝ වන්නම – දෙවන ස්ථානය
අසදෘෂ වන්නම – දෙවන ස්ථානය

2001 :

හනුමා වන්නම – ප්‍රථම ස්ථානය
පොල් පදය – දෙවන ස්ථානය

2000 :

බුලත් පදය – තෙවන ස්ථානය

සමස්ත ලංකා බටහිර සංගීත සහ නර්තන තරගාවලිය – 2023

බටහිර නර්තනය (කනිෂ්ඨ), Recorder – කණ්ඩායම් (විවෘත) සහ Recorder – ඒකල (ජ්‍යේෂ්ඨ) යන කාණ්ඩ ත්‍රිත්වය තුළම තම ජය තහවුරු කර ගැනීම වෙනුවෙන් අපගේ උණුසුම් සුභ පැතුම්!

Read more

“රහල් ඡත්‍රාභිෂේ​ක 2023”

රාහුල විද්‍යාලයට වසර 100 පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය නර්තනය හදාරන සිසුන් 39 දෙනෙකුගේ හිස වෙස් පැළඳවීමේ උළෙල 2023 ජනවාරි මස 18 දින විද්‍යාලයීය පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් චාරිත්‍රානුකූල​ව පැවත්විනි. ඡායාරූප අනුග්‍රහය – ලහිරු සහන් ගුනසේකර මහතා / රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩාය​ම

Read more

රහල් ඡත්‍රාභිෂේක 2023

රාහුල විද්‍යාලයට වසර 100 පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය නර්තනය හදාරන සිසුන් 39 දෙනෙකුගේ හිස වෙස් පැළඳවීමේ උළෙල 2023 ජනවාරි මස 18 දින විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදුකෙරේ. https://youtu.be/wysZafpOl0g

Read more

2012 ආදි ශිෂ්‍ය කණ්ඩායමෙන් පරිත්‍යාගය​ක්

රාහුල විද්‍යාලයට සිය වසක් පිරීම නිමිත්තෙන් පැවත්වෙන වෙස් මංගල්‍යයට අවශ්‍ය රුපියල් මිලියන 1.2 පමණ වටිනා වෙස් කට්ටල  විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සම්බන්ධීකරණයෙන් 2012 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් විද්‍යාලයීය නර්තන අංශය වෙත පරිත්‍යාග කිරීම පසුගිය දින සිදුකරන ලදී.

Read more

වෙස් මංගල්‍යයේ කටයුතු චාරිත්‍රානුකූලව ආරම්භ විය

රාහුල විද්‍යාලයට සියවසක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය නර්තන අංශයෙහි සිසුන් 38 දෙනෙකු හිස වෙස් පැළඳවීමේ උත්සවයේ කටයුතු චාරිත්‍රානුකූලව ආරම්භ විය.

Read more