රාහුල විද්‍යා සංගමය යනු විද්‍යාව හා තාක්ෂණය සඳහා ඇල්මක් ඇති සිසුන් සඳහා නිර්මාණය වූත්, එසේ නොමැති සිසුන් සඳහා ආශාවන් ඇතිකරන්නාවූත් මහා තෝතැන්නකි. රාහුල විද්‍යාලයේ විශාලතම ශිෂ්‍ය සහභාගීත්වය ඇති සංගමයද මෙයයි. දැනුම් පූර්ණ ඇදුරු මඩුල්ලකින් පෙර පටන් රාහුල විද්‍යා සංගමය සමන්විත විය. විද්‍යා සංගමය ප්‍රධාන වශයෙන් උසස් පෙළ ශිෂ්‍යන් මූලික කරගනිම් ව්‍යාපෘති හා තරගාවලි සිදුකරන අතරම සංගමයේ ජ්‍යේෂ්ඨ කමිටුව පත්වන්නේද උසස්පෙළ සිසුන් ගෙනි.

විද්‍යාව නම් වූ පොලෝ තලය හරිත පැහැ ගන්වන්නට ජීව ගුණය විහිදන විදතුන් පරපුරක් ලොවට නිර්මාණය කිරීම.

නූතනවාදයට සමගාමීව බිහි වන විද්‍යාවේ යාවත්කාලීන ක්‍රියාදාමයේ සවිමත් පුරුක් ලෙස ක්‍රියා කිරීම හා දැනුම ඉදිරියට රැගෙන යාම.

  • විද්‍යාභිමානී

    විද්‍යාභිමානි යනු වාර්ෂිකව පවත්වන මහා විද්‍යා, තාක්ෂණික සහ කලා ප්‍රදර්ශනයකි. උසස් පෙළ විද්‍යා, ගණිත හා තාක්ෂණ අංශවල සිසුන් මුල් වී මෙම උලෙළ සිදුකරන අතර දින 3ක් හෝ 4ක් පුරාවට මෙම ප්‍රදර්ශනය පැවැත්වේ. ඇතම් වසර වලදී උසස් පෙළ ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් මත සතියක කාලයක් පුරාවට මෙම ප්‍රදර්සහනය පවත්වා ඇත.

    විද්‍යාභිමානි ’23 ප්‍රදර්ශනය අති සාර්ථක අඳමින් 2023 වසරේදීද සියවස් ප්‍රතාප වැඩපිළිවෙළට සමගාමීව රාහුල විද්‍යාලීය විද්‍යා සංගමයේ ප්‍රමුඛත්වයෙන් ගණිත,විද්‍යා ,තාක්ෂණ,කලා,වාණිජ ඇතුලු සමස්ථ උසස් පෙල සිසුන් ගේ මැදිහත් වීමෙන් පවත්වන ලදී. ළමුන් 12000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් අප්‍රේල් මස 25,26 හා 27 යන දින ත්‍රිත්වයේ පාසල් භූමියේදි මෙම උලෙළ පැවැත්වුණි.
    ශ්‍රී ලංකා මහ බැංකුව,ගමනාගමන දෙපාර්තමේන්තුව ,ත්‍රිවිධ හමුදාව,තැපැල් දෙපාර්තමේන්තුව,විදුලි බල මණ්ඩලය,පශු සම්පත් කලමණාකාර මණ්ඩලය,බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතන රැසක් මෙන්ම රුහුණු විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨය,ඉංජිනේරු පීඨය , මොරටු විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨය,ඉංජිනේරු පීඨය ඇතුලු පාර්ශව රැසකගේ සහභාගීත්වයෙන් මෙවර විද්‍යාභිමානි පරදර්ශනය වර්ණවත් විය. එමෙන්ම රාහුල විද්‍යා සංගමය විසින් එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිදු කල දැවැන්තම ව්‍යාපෘතිය ලෙස විද්‍යාභිමානි ’23 හැඳින්විය හැක.

 

  • රාහුල විද්‍යා දිනය
    රාහුල විද්‍යා දිනය දිවයිනේ පාසල් රැසකගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබනා උත්සවයකි. මෙයද විද්‍යාභිමානි ප්‍රදර්ශනය මෙන්ම උසස් පෙළ සිසුන් ගේ ප්‍රමුඛත්වයෙන් සිදුකෙරේ. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, භෞතික විද්‍යා, රසායන විද්‍යා හා ජීව විද්‍යා පිළිබඳ මහාචාර්‍යවරුන් ගේ සහභාගීත්වයෙන් සමන්විත වූ අධ්‍යාපනික වැඩමුලු ඇතුළු වටිනා කර්තව්‍ය රැසකින් සමන්විත ව්‍යාපෘරිතියක් ලෙස මෙම විද්‍යා දිනය හැඳින්විය හැක. සහෝදර පාසල්හි ශිෂ්‍ය ප්‍රජාවන් සමග සමගිය වර්ධනය කර ගැනිම හා දැනුම බෙදා ගැනීම මූලික කරගනිමින් මෙම ව්‍යපෘතිය සිදුකෙරේ.

මෙවනි ව්‍යාපෘති හා සමගාමීව එක් වරකදී විද්‍යා සංගමයේ සිසුන් විසින් ගවයෙකුගේ මළ සිරුරක් නැවත ගොඩ ගෙන එය පිරිසිදු කර, සම්පුර්ණ අස්ථි සැකිල්ලක් නිර්මාණය කරන ලදී. එවැනි දෑ අප ශිෂ්‍යයන්ගේ සූක්ෂම බව හා බැරෑරුම් කාර්යයන්, කණ්ඩායම් හැඟීමෙන් කිරීමට ඇති හැකියාව පෙන්වනා සාධකයන් ය.

භාර ගුරුභවතා :

අමර දුමින්ද මුතුමාල මයා

සභාපති :

නිමෙත් වින්සර මාරසිංහ

ප්‍රධාන සංවිධායක :

බිසෝන් බෝමෙත් රාසපුත්‍ර

ලේකම් :

ලෙහාන් භානුජ පතිරණ

භාණ්ඩාගාරික :

සසිඳු සිරිවර්ධන

සංවිධායක(ගණිත අංශය) :

තිසරු භානුක විදානගමාච්චි

සංවිධායක(ජීව විද්‍යා අංශය) :

මංජි ලියනාරච්චි

සංස්කාරක :

විසිත් රත්නායක

උප සභාපති :

දුලිත ඉඳුවර

උප ලේකම් :

වෙනුජ විමලරත්න

කමිටු සාමාජිකයින් :

ආකාශ් ඉඳුවර
නාමල් දීපලෝක
මෙතුප මිනාදිත්
චමිඳු දෙව්මිත්
සඳිල් ඉන්දීප
දසුල සෙත්මික
සඳික රණසිංහ

විමංසා 2.0 – වාර්ෂික විද්‍යා දිනය

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය විසින් සංවිධානය කළ විමංසා 2.0 වාර්ෂික විද්‍යා දිනයෙන් සමස්ත ශූරතාව ලැබූ රාහුල විද්‍යාලයීය විද්‍යා සංගමයට අපගෙ උණුසුම් සුභ පැතුම්! ජයග්‍රාහී කණ්ඩායම : මොවිඳු ලෝචන එම්. ඩබ්. කේ. නිම්සර මංජි ලියනාරච්චි සහන් දීඝායු දසුන් නයනප්‍රිය ප්‍රමෝද්‍ය අබේවික්‍රම

Read more