රාහුල විද්‍යාලයේ බටහිර ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායමේ 31 වැනි සංවත්සරය

විද්‍යාලයේ ගෞරවනීය බටහිර ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායමේ (Western Cadet Band) 31 වැනි සංවත්සර සැමරුම් උළෙල සඳහා සහභාගී වන මෙන් සියලුම සුභ පතන්නන්, සිසුන් හා ආදි සිසුන් වෙත අපි ආරාධනා කරන්නෙමු. ඉතිහාසගත වැදගත්කමක් දරන මෙම උළෙල, නව කනිෂ්ඨ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ (Junior Western Band) සමාරම්භක උළෙල සමගින් පැවැත්වීමට නියමිත අතර, එය රාහුල විද්‍යාලයේ සංගීත…

සුබ ගුරු දිනයක් වේවා! | 2025

අදුර බිදින්නට රැයක් දවාලූ, ලන්තෑරුම ගෙනාවෝ ඔවුන්මය. සිතේ ඇති මුත් වතේ නැති වූ සිහින දහසක් දිනන්නට අත දුන් ඔවුන්ටය පුදනුයේ මේ උපහාරය,මවුවරුනි, පියවරුනි, දිනන දෑසට පාර පෙන්නූ, සරසවියේ මග යතුරු පැලැන්දූ,ඔබට සුබ ගුරු දිනයක් වේවා, මිලින වී ගිය සිත් නැවත පුබුදන්නට!

21වැනි රන් දද මහා සටන | ආරම්භය සනිටුහන් කිරීම

21 වන රන් කොඩි සටන ආරම්භය සනිටුහන් කරමින් අගෝස්තු 29 වන දින, සවස 5.00 සිට ඌයන්වත්ත ක්‍රීඩාංගණයේදී

21වැනි රන් දද මහා සටන

රාහුල විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පවත්වන 21 වන රන් දද මහා පාපන්දු තරගය සැප්තැම්බර් 06 වන දා සවස 2:30ට උයනවත්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

සමස්ත ලංකා ශිෂ්‍ය නායක දිනය – Day of Dirigeants 2025

2025/26 ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංකල්පගත කර, අතිශය සාර්ථකව සංවිධානය කරන ලද සමස්ත ලංකා ශිෂ්‍ය නායක දිනය (All Island Prefects’ Day), 2025 අගෝස්තු මස 03 වන සෙනසුරාදා දින උත්කර්ෂවත් අයුරින් නිමාවට පත් විය. සැබවින්ම ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දිවයින පුරා පිහිටි පාසල් 25කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් පැමිණි 100කට අධික කැපී පෙනෙන ශිෂ්‍ය නායකයින්ගේ ප්‍රබෝධමත් සහභාගීත්වයෙන්…

මාතර රහුල විද්‍යාලයීය පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමට සමස්ත ශූරතාව!

මාතර රහුල විද්‍යාලයීය පොලිස් ශිෂ්‍ය භට බළඇණිය අන්තර් පළාත් පොලිස් ශිෂ්‍ය භට තක්සේරු කඳවුරේ (දෙවන අදියර) සමස්ත ශූරතාව දිනා ගනිමින් ඉතිහාස ගත විය. මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් පොලිස් ශිෂ්‍ය භට බළඇණියට අපගේ උණුසුම් සුබ පැතුම්!

රාහුල විද්‍යාලීය ජනාධිපති බාලදක්ෂ පදක්කම්ලාභීන් 2024

2024 වසර සඳහා ජනාධිපති බාලදක්ෂයින් 11 දෙනෙකු බිහි කිරීමේ ජයග්‍රහණය මාතර රාහුල විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ආඩම්බරයෙන් සමරයි.RahulaCollege #RahulaCollegeLK