Enrollment ’25 | සිඟිති බාලදක්ෂ පදක්කම් ලැබීමේ උළෙල

රාහුල විද්‍යාලයීය හත්වන සිංගිති බාලදක්ෂ ගොමුවේ 87 දෙනෙකුට සිංගිති බාලදක්ෂ සාමාජික පදක්කම් ලැබීමේ උළෙල, විද්‍යාලයීය විදුහල්පති මහාචාර්ය සමිත කුරුකුලසූරියගේ මග පෙන්වීමෙන්, රාහුල විද්‍යාලයීය ජනාධිපති බාලදක්ෂ දිනූෂ හරීන්ද්‍ර දළදාවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් සුදත් මංගල මහතා සහ විද්‍යාලයීය සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන්, 2025.01.16 වැනිදා, රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි

Environmental Pioneer

රහල් සිසුන් තිදෙනෙක් පරිසර නියමු ජනාධිපති පදක්කම් ලබා ගනී!

2024 වසර සඳහා පරිසර නියමු ජනාධිපති පදක්කම් දිනාගත් සස්මිත ඉඳුවර, සුචිත් ප්‍රබෝධ්‍ය සහ මොවිඳු මෙත්මින් සිසුන් තිදෙනාට උණුසුම් සුබ පැතුම්…

2024 පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ රහුලයට ජයග්‍රහණයක්

2024 පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 20න් පහළ පන්තියේ 3න් වන ස්ථානය ලබා ගත් රාහුල විද්‍යාලයේ බැඩ්මින්ටන් කණ්ඩයමට සුබ පැතුම්

අකේන් අභිරු සමස්ත ලංකා කේවල චෙස් තරඟයේ 17න් පහළ ශූරයා බවට පත්වෙයි

සමස්ත ලංකා කේවල චෙස් තරඟාවලියේ 17න් පහළ ශූරයා බවට පත් වූ අකේන් අභිරු සිසුවාට උණුසුම් සුබ පැතුම්!

රාහුල වාද්‍ය වෘන්දය සමස්ත ලංකා තරගයෙන් ප්‍රථමයා වෙයි

2024 සමස්ත ලංකා පාසල් සංගීත තරගයේ ශූරයන් බවට පත් වූ රාහුල විද්‍යාලයීය පෙරදිග වාද්‍ය වෘන්දයට සුබ පැතුම්.

රාහුල විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමට අනුශූරතාවයක්

ජාතික පොලිස් ශිෂ්‍ය භට කඳවුර සඳහා වූ IG කුසලාන තරඟයේ අනුශූරයන් වූ රාහුල විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩයට උණුසුම් සුබ පැතුම්

සමස්ත ලංකා චෙස් තරඟාවලියේ 17 පහළ තෙවන ස්ථානය රාහුලයට

සමස්ත ලංකා චෙස් තරඟාවලියේ 17 පහළ තෙවන ස්ථානය ලබා ගත් රාහුල විද්‍යාලලීය චෙස් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්

සමස්ත ලංකා වුෂු තරඟාවලියේ ශූරතාවය රාහුල කණ්ඩායමට

සමස්ත ලංකා වුෂු තරඟාවලියේ කණ්ඩායම් තරඟයේ ශූරතාවය ලබා ගත් රාහුල විද්‍යාලයීය වුෂු කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්!

‘සම්භාෂා 24’ සමස්ථ ලංකා තරඟාවලියෙන් ප්‍රථම ස්ථානයක්

සමස්ථ ලංකා මාධ්‍ය තරඟාවලියේ ක්‍රීඩා විචාරය කිරීමේ තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගත් නන්ජින සදීශ සිසුවාට උණුසුම් සුබ පැතුම්!