photo logo

මාතර රාහුල විද්‍යාලයේ ඡායාරූප සංගමය අප පාසලේ සෑම වැඩසටහනක් සඳහාම කලාත්මක බව එක් කරනා දියුණු ප්‍රජාවකි. විස්තරාත්මක සහ නිර්මාණාත්මක දර්ශන ල්බා ගැනීම සඳහා ඔවුන් ඇප කැප වන අතර, ඡායාරූප සංගමයේ සාමාජිකයින් සිදුවීමේ කොටස් සියල්ලේ සාරය තම කාචයෙන් ග්‍රහණය කර ගනී. අධ්‍යයන රැස්වීම්මාලාවල සිට සංස්කෘතික උත්සව දක්වා, ක්‍රීඩා ඉසව්වල සිට පුණ්‍ය කටයුතු දක්වා, ඔවුන්ගේ කැමරා දිවෙන අතර එම වටිනා මතකයන් නියමිත වේලාවට කැටි කිරීමට ඔවුන් සෑම විටම සූදානමින් සිටිය්. ඔවුන්ගේ කාචය හරහා, ඔවුන් අපගේ පාසල් ප්‍රජාව සමග ප්‍රීතිය සහ සුහදතාවය බෙදාහදා ගන්නා අතර එය ඉතා අගය කළයුතු ක්‍රියාවලියකි. ඔවුන්ගේ ඡායාරූප අප පාසලේ ඉතිහාසය සුරකිනවාක් මෙන්ම මාතර රාහුල විද්‍යාලයේ ප්‍රබෝධමත් බව ලොවට ප්‍රදර්ශනය කරයි. සෑම වැඩසටහනකටම සිදුවීම් මාලවන් ආදරණීය මතක සටහන් බවට පත් කරමින් ඡායාරූප කලා සංගමය රාහුල විද්‍යාලයට ලබාදෙන දායකත්වය මිල කළ නොහැකි වේ.

භාර ගුරුභවතා :

අනුරාධා ජයවර්ධන මිය

සභාපති :

දිල්මුතු අබේකෝන්

ලේකම් :

හෙසඳු උයන්ගොඩ

භාණ්ඩාගාරික :

චලින වෙද්දආරච්චි

සංවිධායක :

බුමිඳු මනුත්

ප්‍රධාන සම්බන්ධීකාරක :

ලිනුක විජේසිංහ

උප සභාපති :

රෙසඳු තරුනෙත්

උප ලේකම් :

තවීෂ සන්දේශ්