1923 වර්ෂයේ මැයි 01 දින පරාක්‍රමබාහු විද්‍යාලය නමින් ආරම්භ වී ඉතා කෙටි කලකින් සරම් මුදලි වලව්වේ මාතර රාහුල විද්‍යාලය නමින් පිහිටවනු ලබූ මෙම විද්‍යාල දකුණු  පළාතේ අභිමානවත් පාසලක් සේ වැන්ජබේ පින් බිමකින් ඇත පොත තැබුණු මෙම විදුබිම භෞතික සම්පත් වලින් ටිකෙන් ටික සම්පූර්ණ වන්නට විය. කලා බවන, රජත ජයන්ති මන්දිරය, විජේසිංහ මන්දිරය, ගුණතිලක සමරණ ශාලාව, වනිගසේකර මන්දිරය හා විජයතුංග මන්දිරය මේ අතර  වේ.

1997. 06. 16 වන දින ගරු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ටිවඩ් පතිරණ මැතිතුමා විසින් මුල්ගල තබන ලද වජු ජයන්ති තෙමහල් මන්දිරය රහල් පුතුන්ගේ විශ්වයේ දොරටු හෙළි පාරාදීසියක් විය. එතෙක් පාසලේ කුඩා ඉඩ පෙදෙසක පවත්වා ගෙන ගිය මෙමෙ පොත් ගුල 1975. 01. 01 දින සිට විදිමත් ලෙස පරිග්‍රහණ ලේඛන ගතකර ඇති බව සනාථ වේ. එහි ඇතුලත් ප්‍රථම පොත ඩී.පී .ආර් සමරනායකයන්ගේ වස්කොද ගාමා ග්‍රන්ථය වේ. කලක් ප්‍රථම මහලේ පවතී පුස්තකාලය, තෙවන මහලේ විමර්ශන ඒකකයක් ලෙස ව්‍යාප්ත කර ඇති අතර ප්‍රාථමික පාසලේ 1-5 ප්‍රාථමික අංශ පුස්තකාලයද ආරම්භ කොට ඇත. ආරම්භයේම පාඨකයින් 50 කට අධික පිරිසකුගේ සාමාජිකත්වයෙන් හඳුනාගත හැකි විය. විශ්ව කෝෂ, ශබ්ද කෝෂ එකතුව, ශ්‍රී ලංකා විශේෂ එකතුව, මාර්ටින් වික්‍රමසිංහ විශේෂ එකතුව ඒ අතර වේ.

පරිපූර්ණ පුරවැසියෙකු බිහි කිරීම උදෙසා තොරතුරු බෙදා  ගනිමු.

අධ්‍යාපන ක්‍රියාවලියේ සාර්ථකත්වය උදෙසා තොරතුරු අවශ්‍යතා සපුරාලමින් නිර්මාණශීලී දරුවකු බිහි කිරීමට දායක වීම.

පාථක සමාජය තුලින් දරුවන්ගේ කියවීමේ ආශාව, කියවීමේ කුසලතාව වැඩි දියුණු වීම හා නිර්මාණකරණයට මෙන්ම නිර්මාණ ඇගයීමටද මෙමගින් ඉඩහසර හෙළිවිය.

මේ අමරතුංග රහල් පුස්තකාල ඉතිහාසයට නව තැග්මක් එක කරමින් සියවස සමරණ මේ මොහොතේ 2022.10.17 දින පුස්තකාල පාඨක සමාජයක් පිහිටුවා සාමාජිකයන් බඳවා ගැනීම සිදුවූ අතර ආරම්භයේම පාඨකයින් 50 කට අධික පිරිසකුගේ සාමාජිකත්වයෙන් හඳුනාගත හැකි විය.

 

අද දින දොරට වදින ” රහල් සඳෙස ” වාර්ෂික සඟරාවද රහල් පුතුන්ගේ දක්ෂතා, නිර්මාණ එළිදැක්වීම හා ඇගයීමට තෝතැන්නක වේ.

සභාපති :

ජාලක මන්දිර

ලේකම් :

දනුජ ගමගේ

භාණ්ඩාගාරික :

නෙතුප දම්සිත්

සංස්කාරකවරු:

‍රායිද් රමීෂ්
බිහාන දුල්සිත්

උප සභාපති :

සනුද වික්‍රමසිංහ

උප ලේකම් :

තිසර නෙත්ම

ශ්‍රේණි නියෝජිත :

එල්.එම්. නවීර
ලිතිර ජී.ජී. දෙවිඳු
ආර්.එල්.එල්. නිම්සර
ආර්.පී. සෙඳුප
එම්‍. යාපා