debate logo

දකුණු ලක අභිමානවත් මාතොට පුරවරයේ අභිමානය රැඳී ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රාහුල විද්‍යාලය මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ඉංග්‍රීසි බෞද්ධ අධ්‍යාපන පීඨය විය. බෞද්ධ පාසල් නාමාවලියේ සුවිශිෂ්ට පාසලක් ලෙස ඉහලින්ම සදහන් වන මාතර රාහුල විද්‍යාලයීය නාමය සමස්ත ධරණීය තලයම යාකරන සුවිශිෂ්ට පුරවැසියන් සමුදායක අග්‍රගන්‍ය නිමවුම්කරුවෙකි. අසත්‍යයේදී විචාරශීලීව අයුක්තියේදී විවාදශීලීව සැබෑ තතු සැබෑ ලෙසින් දකින්නට සමත්කම් ඇති විශිෂ්ට රහල් පුතුන් හෙට ලොවට දායාද කරන සිංහල කථික හා විවාද සංගමය රාහුල විද්‍යාලය තුල ක්‍රියාත්මක සුවිශේෂී ඒකකයකි. සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් රාහුල මාතාව වෙනුවෙන් දිනා දීමට සමත් වූ සිංහල කථික හා විවාද සංගමය අවස්ථා කිහිපයකම විවිධ මාධ්‍ය වැඩසටහන් සඳහාද රහල් විවාදකයන් සහභාගි කරවීමට සමත්විය. විවිධ කේෂ්ත්‍රයන් රැසක සුපතළ නාමයක් හිමි කරගෙන සිටින රාහුල විද්‍යාලීය කථික හා විවාද සංගමය නැවුම් වූ අලුත් අත්දැකීමක් දකුණුලක වෙනුවෙන් එක් කරමින් රාහුල මාතාවට කීර්තියක් ගෙන දෙමින් සියවස් අන්තර් පාඨශාලීය සමස්ත ලංකා විවාද තරගාවලිය මෙම වසරේ සංවිධානය කරන ලදි. පාසල් 64 ක සහභාගිත්වයෙන් පැවති මෙම සමස්ත ලංකා විවාද තරගාවලිය රාහුල යශෝ නාමය තව තවත් ඉහලටම ඔසවා තැබීය. මෙම සමස්ත ලංකා විවාද තරගාවලිය සදහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් සහභාගී වූ අතර සමස්ත ලංකා විවාද තරගාවලිය සියලු දෙනාගේම අවධානයට ප්‍රශංසාවට ලක්විය . සිංහල කථික හා විවාද සංගමය භාර ආචාර්ය එච්.එම්.එස්. අබේවර්ධන ගුරු මෑණියන් කථික හා විවාද සංගමය ඉහළින්ම ඔසවා තැබීමට මහත් වූ සවියක් වනු ඇත. 2023 වසරේ සිංහල කථික හා විවාද සංගමයේ විධායක මණ්ඩලය සංගමය සංගමයේ නගා සිටුවීම් වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරමින් පවතී.විවාද වලට පමණක් සීමාව පැවැති විවාද සංගමය වත්මන් සභාපතිතුමන්ගේ මූලික සංකල්පයකට අනුව ශ්‍රේෂ්ඨ සමාජික කථික කෙස් වැඩද සාමාජිකයින්ගේ සහයෝගයෙන් කථික ආකෘතියද පුහුණු කිරීම මෙම වසරේ ආරම්භ විය .රාහුල විවාදකයින් සතු දැනුම නවක සමාජිකයින්ට ලබාදීමට අමතරව වෙනත් පාසල්වල දක්ෂ කථිකයින් හා විවාදිකයන් හරහා තම විවාද පරපුර දැනුමෙන් පෝෂණය කරන්නට වත්මන් සභාපතිතුමන් ඇතුළු විධායක මඩුල්ල දැරූ වෙහෙස මල්ඵල ගන්වමින් ජේෂ්ඨයන්ගේ සහයද ඇතිව අවස්ථා කිහිපයකදී සුවිශේෂී දේශනයන් සංවිධානය කරන්නට හැකිවිය. වසරක් තුළ සුවිශේෂී කාර්යන් රැසක් විද්‍යාලීය සිංහල කතික හා විවාද සංගමය වෙනුවෙන් ඉටු කල විධායක මඩුල්ල මෙසේයි.

සභාපති :

H. B. එනුර නෙත්මිණ

ලේකම් :

හිවිරු හිම්සන

 

භාණ්ඩාගාරික :

භානුක හාගොඩ

උප සභාපති :

මලිඳු ගමගේ

උප ලේකම් :

සේමික විතාන