රාහුල විද්‍යාලයීය චිත්‍ර කලා අංශය සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණය සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබමින් විද්‍යාලයට කීර්තියක් අත් කර දුන් අතර තවත් ඉදිරියට යමින් නිහඬව තිබූ චිත්‍ර කලා සංසදය 2023 වසරේ දී නැවත පිහිටුවන ලදි .
ඒ චිත්‍ර විෂය භාර ගුරුභවතුන් වූ හර්ෂනී තිරංගා ගුරු මෑණියන් හා මධූෂා ඩිලානි ගුරු මෑණියන්ගෙ මග පෙන්වීම යටතේය.

රාහුල විද්‍යාලයීය චිත්‍ර සංගමය නැවත පිහිටුවීමෙන් පසු රාහුල විද්‍යාලයේ සියවස් සැමරුමට සහභාගීව අන්තර් පාඨශාලයීය චිත්‍ර තරග,රහල් සිතුවම් දැක්ම ලෙස තරග කිහිපයක් සිදු කරන ලදි.

සියවස් සැමරුමට සමගාමීව පැවැත්වූ විද්‍යාභිමානී ප්‍රදර්ශනයට සමගාමීව චිත්‍ර කලා සංසදය පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනය රාහුලයම බබලවන්නට සමත් වුනි.

චිත්‍ර කලා සංසදය භාර ගුරුභවතුන්ගෙ මගපෙන්වීම යටතේ සංසදයේ සමාජිකයන්ගෙ දැඩි කැප වීම නිසා එය අති සාර්ථක විය.

සභාපති :

නෙවිඳු පීරිස්

ලේකම් :

මිනුක බටගොඩ

භාණ්ඩාගාරික :

සදිර නිඳුවර

උප සභාපති :

ලකිඳු තීක්ෂම

උප ලේකම් :

නෙතුල කවිශ්ක