රාහුල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් අතුරින් කිහිප දෙනෙක්:

  • අමර හේවාමද්දුම මහතා – ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ස්ථිර ලේකම් සහ සමාජ සුබසාධන අමාත්‍යාංශයේ හිටපු ස්ථිර ලේකම්.
  • ආරිය රුබේසිංහ මහතා – ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාරක, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ
  • බුද්ධික පතිරණ මහතා – මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
  • චන්ද්‍රානන්ද ද සිල්වා මහතා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ හිටපු මැතිවරණ කොමසාරිස්
  • ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර මහතා – හිටපු කැබිනට් අමාත්‍ය
  • ධම්මික කිතුල්ගොඩ මහතා – හිටපු දිසා විනිසුරු, හිටපු පාර්ලිමේන්තු මහලේකම් (1999-2002, 2008-2012) සහ පාර්ලිමේන්තු නීතිඥ ලේකම්
  • ඩික්සන් නිලවීර මහතා – මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්
  • ගුණසේන ගලප්පත්ති මහතා – ශ්‍රී ලාංකේය නාට්‍යකරුවෙක් සහ සිංහල ගුවන්විදුලි නාට්‍ය රචකයෙක්
  • එච්. එම්. එස්. සමරනායක මහතා – ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ හිටපු සභාපති
  • කුසුම්සිරි බාලපටබැඳි මහතා – හිටපු ජනාධිපති ලේකම් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරි, Sri Lankan Airlines හි හිටපු සභාපති
  • ලලිත් වීරතුංග මහතා – වත්මන් ජනාධිපති ලේකම්
  • නන්දසේන බඹරවානගේ මහතා – හිටපු ආගමන විගමන පාලක
  • නන්දසිරි මුතුකුමාරණ මහතා – ප්‍රවීණ අධ්‍යාපනවේදී සහ පරිපාලක
  • ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා – හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
  • රන්ජන් විජයවර්ධන මහතා – මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
  • රන්ජිත් ධීරරත්න මහතා – හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
  • සරත් විජේසිංහ මහතා – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හිටපු ශ්‍රී ලංකා තානාපති, නීතීඥ, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (ASLLU) හිටපු සභාපති, පාරිභෝගික කටයුතු අධිකාරියේ (CAA) හිටපු සභාපති
  • සෝමපාල ද සිල්වා මහතා
  • සුරාජ් රන්දිව් මහතා – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක
  • උපුල් විජයවර්ධන මහතා – හෘද රෝග විශේෂඥ
  • වජිර සේනාරත්න – හෘද රෝග විශේෂඥ
  • වික්ටර් හෙට්ටිගොඩ – ශ්‍රී ලාංකික ව්‍යවසායක
  • ඩබ්ලිව්. කේ. කුමාරසිරි – ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ හිටපු ලේකම්