කිටී අභිමන් 2023

ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ ප්‍රාථමික අංශයේ දරුවන් සදහා නියමිත කිටී වැඩ සටහන, ප්‍රථම වතාවට රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ කිටී සාමාජික දරුවන් 232 හට පදක්කම් පැළදවීමේ “කිටී අභිමන් උළෙල”, ශාන්ත ජෝන් ගිලන්‍ රථ සේවයේ මාතර දිස්ත්‍රික් කොමසාරිස් චතුරිකා කුලසූරිය මැතිනිය​ගේ සහභාගිත්වයෙන්, විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී පත්මනි ගනේවත්ත මහත්මියගේ මෙහෙමවීමෙන් පසුගියදා රාහුල…

වෙබ් කණ්ඩායම සඳහා පරිත්‍යාගය​ක්

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයට අවුරුදු 100 පිරීම වෙනුවෙන් විද්‍යාලයට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ විද්‍යාලයීය වෙබ් කණ්ඩායම සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 3කට ආසන්න උපකරණ පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරිණ. 

බටහිර තූර්ය වාදක කණ්ඩාමට පරිත්‍යාගය​ක්

විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් කරන ලද ඉල්ලීමකට අනුව විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තක ද සිල්වා මහතා රුපියල් ලක්ෂ 5 පමණ වටිනා සංගීත උපකරණ විද්‍යාලයීය බටහිර තූර්ය වාදක කණ්ඩායම වෙත පරිත්‍යාග කිරීම පසුගිය දින සිදු කරන ලදී.