තෙසදු දිනෙත් පුතුට ශිෂ්‍යත්වයක්

ශිෂ්‍යත්ව ව්භාගයෙන් ලකුණු 200 ක් ලබා රාහුල ව්ද්‍යාලයට පැමිණි තෙසදු දිනෙත් පුතුට රාහුල ආදි ශිෂ්‍ය, ආදි ශිෂ්‍ය සංගමයේ නීති ලේකම්, නීතිඥ දුලිප් කුමාර මහතා ව්සින් ශිෂ්‍යත්වයක් ලබා දෙන ලදී. රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන තෙක් මෙම ශිෂ්‍යත්වය මාසිකව මෙතුමා විසින් ලබාදෙනු ඇත.මෙවන් ආදි රාහුලයන් රහල් මෑණියන්ට සැබැවින්ම අභිමානයකි.

රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරගය කල් යයි.

පැතිර යන නව කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙම මස 24 වනදා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියම්තව තිබූ එක්දින මහා ක්‍රිකට් තරඟය කල්තැබීමට සිදුවූ බව කණගාටුවෙන් දැනුම් දෙමු. පැවැත්වෙන දිනයන් පිලිබඳ පසුව දැනුම් දෙනු ලැබේ. සංවිධායක කමිටුව