රාහුල විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සදහා අඩුපාඩුවක්ව පැවති,ක්‍රිකට් පුහුණු තණ තීරු, පසුගියදා සිසු අයිතියට පත් කෙරිනි. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය උදය හිත්තැටිය මහතාගේ ඇරයුමෙන්,එවකට ගරු අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මැදිහත්වීම මත,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ප්‍රථිපාදන මගින්,මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින්, මෙම ව්‍යාපෘතිය අවසන් කර ඇත.
මෙම අවස්ථාව සදහා ගරු විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,ගරු ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා,රාහුල විද්‍යාලයීය විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලේගේ මහතා,ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්යක්ෂ ජනරාල් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය වෛද්‍ය ලාල් ඒකනායක මහතා,මානවහිමිකම් හා ජාත්‍යන්තර මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ,විද්‍යාලයීය ආදි ශිෂ්‍ය බ්‍රිගේඩියර් කීර්ති කෝට්ටවත්ත මහතා,මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ගරු උප සභාපති විද්‍යාලයීය ආදි ශිෂ්‍ය වෛද්‍ය සංජය සේදර සෙනරත් මහතා,වැලිගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති විද්‍යාලයීය ආදි ශිෂ්‍ය පුෂ්පකුමාර බැට්ටගේ මහතා,වරලත් වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ ගරු සභාපති විද්‍යාලයීය ආදි ශිෂ්‍ය රසල් දංදෙණිය මහතා,රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ගරු ලේකම් වෛද්‍ය චමින්ද කුමාර මහතා ඇතුළු විධායක කමිටු සාමාජිකයින්,රාහුල විද්‍යාලයීය පාසල් සංවර්ධන සමිතියේ ගරු ලේකම් ලසිත වලෙවෙගේ මහතා,රාහුල ආදි ක්‍රිකට් සංගමයේ සාමාජික මහත්වරුන්,දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ගරු ලේකම් ප්‍රසන්න ගලප්පත්ති මහතා,ගරු උප සභාපති රාජ් චන්ද්‍රලාල් මහතා,නියෝජ්‍ය විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මන්ඩලය,රාහුල විද්‍යාලයීය ජේෂ්ඨ කණිෂ්ඨ ක්‍රිකට් භාර ආචාර්ය වරුන්,පුහුණුකරුවන්,ක්‍රීඩකයින් සහ දෙමව්පියන්ද සහභාගී විය.
මෙම උත්සවයට සමගාමීව රාහුල විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ගරු සභාපති ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත රු ලක්ෂ 9 ක් පම්ණ වටිනා තණ කොළ කපන යන්ත්‍රයක් ද, විද්‍යාලයට පරිත්‍යාග කෙරිනි .එම සම්බන්ධීකරණයන් සිදු කරනි ලැබූ රාහුල විද්‍යාලයීය ජේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ ක්රීඩාභාර ආචාර්ය M.Cවෛද්‍යරත්න මහතාට සහ රාහුල විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයට විශේෂ ස්තුතිය පුදකර සිටිමු.
එමෙන්ම ජේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම සදහා ක්‍රිකට් උපකරණ ලබා දීමට, ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා සහ රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය 85 කණඩායම ද කටයුතු කරනු ලැබිනි .