රාහුල විද්‍යාලයේ ශිෂ්‍යයන් හට මව් භාෂාවට අමතරව දෙමළ භාෂාව ඉගැන්වීම  සහ ඔවුන් තුල දෙමළ භාෂා හැකියාවන් වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන පාසල් දෙමළ සංගමය ආරම්භ කර තිබේ. වර්තමානය වන විට චතුරි බණ්ඩාර මිය, ලක්ෂ්මි රත්නායක මිය හා ඉන්ද්‍රානි මිය අප පාසලේ දෙමළ භාෂාව උගන්වනු ලබති.

 

රජයේ පාසල්වල දෙමළ භාෂාව ඉගැන්වීම ක්‍රියාත්මක කරන ලද්දේ වර්ෂ 1984 වුවද මෙම විෂයට අදාල ගුරුවරුන් නොමැති වීම හේතුවෙන් දෙමළ විෂය  ඉගැන්වීම ක්‍රියාත්මක වූයේ පාසල් කිහිපයක පමණි. පසු කලෙක අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සදහා දෙමළ භාෂාව කාණ්ඩ විෂයක් ලෙස අනිවාර්ය කිරීමත් සමග පාසල්වල දෙමළ විෂයට අදාළ ගුරුවරු බිහිවිය. එලෙස අප විදුහලේ 2019 වසර දක්වා එදිරිසූරිය මිය, සුභා මිය හා දීපිකා නිල්මිණි මිය පාසල් සිසුන්ගෙ දෙමළ භාෂා හැකියා ඉහළ නංවාලීම සදහා කැපවීමෙන් ක්‍රියාකරන ලදී.

  1. 2017 දී සතිපොළ දෙමළ භාෂාව මගින් සිසුන්ට කථන බස හුරුකිරීම සදහා පවත්වන ලදී.
  2. 2019 දී තෛපෝන්ගල් උත්සවයක් පැවත්වීම හා එහිදී සිසුන් විසින් අගනා දෙමළ නර්තනයක් පැවැත්වීම.
  3. පාසල් දෙමළ භාෂා ගායන තරග පැවැත්වීම.
  1. 2018 –  සමස්ථ ලංකා දෙමළ භාෂා තරගාවලියෙන් භාෂාව ලිවීම අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට එවකට 7 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ආදිල් නුලාර් සමත් විය.
  2. 2019 – ජාතික භාෂා තරගාවලියේ දෙමළ ලිඛිත තරගයෙන් දකුණු පළාත් තෙවන ස්ථානය ලබා ගැනීමට 8 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ K.M. නිදුල නෙත්මිණ සිසුවා සමත් විය.
  3. 2019 – ජාතික භාෂා තරගාවලියේ දෙමළ කියවීම තරගයෙන් දකුණු පළාත් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට 8 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ M. ආදිල් නුලාර් සිසුවා සමත් විය.
  4. 2019 – ජාතික භාෂා තරගාවලියේ දෙමළ කථික තරගයෙන් දකුණු පළාත් තෙවන ස්ථානය ලබා ගැනීමට එවකට 6 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ M.S.R. හමීස් සිසුවා සමත් විය.
  5. 2019 – ජාතික භාෂා තරගාවලියේ දෙමළ කථික තරගයෙන් දකුණු පළාත් දෙවන ස්ථානය ලබා ගැනීමට  S.H. කරුණාරත්න සිසුවා සමත් විය.