රාහුල විද්‍යාලයේ ඉලක්කයට වෙඩිතැබීම් ක්‍රිඩාව 2012 වසරේදී ආරම්භ කරමින් ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් ද බිහි කිරීමට සමත්විය.
2017 හුංගම විජයභා ජාතික පාසලේදී පැවති වායු රයිෆල සහ පිස්තෝල වෙඩිතැබීම් මූලික පුහුණු සැසිය සහ දකුණු පළාත් තෝරාගැනීම් තරඟයට රාහුල විද්‍යාලයෙන්ද ක්‍රීඩකයන් කණ්ඩායම සහභාගී වූ අතර එහිදී පහත ක්‍රීඩකයන් නිපුණ වෙඩික්කරු පදක්කම දිනාගන්නා ලදි.
ශ්‍රී ලංකා පාසල් වෙඩි තැබීමේ ක්‍රීඩා වර්ණ ලාභීන් -2017/2018 – දකූණු පළාත් වර්ණ
2013 වසරෙදී රාහුල විද්‍යාලය නියෝජනය කරමින් ජර්මනියේ මියුනිච් නගරයේ ඔලිම්පික් වෙඩිපිටියේ පැවති ” ජාත්‍යන්තර කණිෂ්ඨ වෙඩි තැබීම් තරඟාවලිය” සඳහා සහභාගී වීම.
2014 වසරේදී රාහුල විද්‍යාලය නියෝජනය කරමින් ජර්මනියේ සුහල් නගරයේ පැවති “ජාත්‍යන්තර කණිෂ්ඨ වෙඩිතැබීම් තරඟාවලිය” සඳහා සහභාගී වීම.
2014 වසරේදී රාහුල විද්‍යාලය නියෝජනය කරමින් ජර්මනියේ මියුනිච් නගරයේ පැවති “ජාත්‍යන්තර වායුබල අවි වෙඩිතැබීම් තරඟාවලිය” සඳහා සහභාගී වීම.
2015 වසරේදී රාහුල විද්‍යාලය නියෝජනය කරමින් පෝලන්තයේ ඔලිම්පික් වෙඩිපිටියේ පැවති “ජාත්‍යන්තර වායුබල අවි වෙඩි තැබීම් තරඟාවලිය” සඳහා සහභාගී වීම.
2018 වසරේදී රාහුල විද්‍යාලය නියෝජනය කරමින් පෝලන්තයේ පවත්වන “වායු රයිෆල හා පිස්තෝල වෙඩිතැබීම උසස් පුහුණු පාඨමාලාව” සඳහා සහභාගී වී ඇති අතර පිට පිට දෙවරක් 2016 සහ 2017 වසර වලදී පාසල් වෙඩි තැබීමේ ක්‍රීඩා සංගමය මගින් පිරිණමන වර්ණ හිමි කරගෙන ඇත.