1881 ජුනි මස ජේ.බී කල් මැතිතුමා විසින් විද්‍යාලීය “ස්වේච්ඡා බලකාය” නමින් ලංකාවේ ප්‍රථම වරට පාසල් සිසුත් සඳහා ශිෂ්‍යභට පුහුණුව ආරම්භ කර ඇත.පසුව එය “රාජකීය විද්‍යාලීය ශිෂ්‍යභට බලඇණිය” වශයෙන් හඳුන්වන ලදී.මෙම සිදුවීමට මාස දෙකකට පමණ ප්‍රථම එනම් 1881 අප්‍රේල් 1 වන දින ලංකාවේ ප්‍රථම යුද හමුදා ස්වේච්ඡා ඒකකය වූ “ලංකා පාබල හමුදාව” ආරම්භ කර ඇත.

බලකාය තුළ ශිෂ්‍යභටයන් වර්ග තුනකි.

      1. ජ්‍යේෂ්ඨ ශිෂ්‍යභටයින්
      2. තූර්ය වාදන ශිෂ්‍යභටයින්
      3. පොලිස් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යභටයින්
      4. කනිෂ්ඨ ශිෂ්‍යභටයින්

ශිෂ්‍යභටයා සෑම විටම පාසල් ශිෂ්‍යයෙකි.ශිෂ්‍යභාවය අහෝසි වූ සෑම අවස්ථාවකදීම ශිෂ්‍යභටභාවයද අහෝසි වේ.දිවයිනේ රජය විසින් පිළිගත් පාසලක් හෝ ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යභටයෙකුට මූලික සුදුසුකම් සපුරා ඇත්නම් සහ තම පාසලේ ලියාපදිංචි ශිෂ්‍යභට ඛණ්ඩ තිබේනම් එහි ශිෂ්‍යභටයෙකු ලෙස බැදි ජාතික ශිෂ්‍යභට බලකායට/රටට සේවය කිරීමේ හැකියාව ඇත.

  1. ශිෂ්‍යභටයා කවරෙක්ද යන්න අවබෝධ කරගැනීම
  2. ශිෂ්‍යභටයාගේ වර්තමාන හා අනාගත කාර්යභාරය අවබෝධ කරගැනීම
  3. ශ්‍රී ලංකාවේ පැරණිතම සංවිධානයක සාමාජිකයෙක් වීම පිළිබද ස්වයං අභිමානයක් ඇතිකර ගැනීම
  4. ශිෂ්‍යභට බලකායේ ඉතිහාසය අඛණ්ඩව ගොඩනැගීමට දායක වීම
  5. ශිෂ්‍යභට බලකායේ නීතිමය පදනම පිළිබද අවබෝධයක් ලබා ගනී
  6. ශිෂ්‍යභට බලකායේ සංවිධානයන් හා එහි තමන්ට හිමි ස්ථානය පිළිබද අවබෝධයක් ලබාගැනීම
  7. ශිෂ්‍යභටයන් බලකාය තුළ කටයුතු කළ යුතු ආකාරය පිළිබද අවබෝධයක් ලබාගැනීම

 

ශිෂ්‍යභටයෙකු ලෙස,

    1. පාසල තුල ආදර්ශවත් චරිතයක් පවත්වාගෙන යාම
    2. පාසලේ කීර්තිනාමය හා ගෞරවය වර්ධනයට කටයුතු කිරීම
    3. බලකායේ කීර්තිනාමය හා ගෞරවය වර්ධනයට කටයුතු කිරීම
    4. සෑමවිටම නිවැරදි කාර්‍යශූර නායකත්වයක් පවත්වාගෙන යාම
    5. තම පාසලේ අනෙකුත් ශිෂ්‍යයන්ට ආදර්ශමත් වන අයුරින් කටයුතු කිරීම
    6. තම දක්ෂතා හා අරමුණු සාර්ථක කරගැනීම
    7. බලකායේ විෂය නිර්දේශයන්ට අනුව හොඳින් පුහුණු වීම
    8. තමන්ගේ චරිතය තුළ ශිෂ්‍යභටභාවය වර්ධනය කරගැනීම
    9. සමාජ හිතකාමී හා දෑ හිතකාමී පුද්ගලයෙකු වීම
    10. සමාජ විරෝධී ක්‍රියා පිටුදකිමින් ඒවායින් තම සහෝදර පාසල් ශිෂ්‍යයන්ට ඈත්කර කටයුතු කිරීම

පුරවැසියෙකු ලෙස,

    1. මව්බිමට ආදරය කරන , මව්බිම සුරකින මව්බිම ගොඩනගන පුරවැසියෙකු ලෙස කිරීම
    2. විනයගරුක, නීතිගරුක හා සමාජ හිතකාමී පුරවැසියෙකු වීම
    3. සමාජ විරෝධී ආකල්ප දරන්නන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්, නිවැරදි මගට ගෙන පරමාදර්ශී ලෙස කටයුතු කිරීම.පෞද්ගලිකව හා කණ්ඩායමක් වශයෙන් මහජන සේවයට කැපවීම
    4. කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම තම අරමුණු කරා ළඳාවීම හා රටේ සංවර්ධනයට දායකවීම සඳහා ඉදිරිපත් වීම

සාජන් :

නිදුල නිම්සර

ජ්‍යේෂ්ඨ කෝප්‍රාල් :

සනුල රන්මිත

අණ දෙන නිලධාරී :

මේජර් සිරිසෝම ප්‍රතාපසිංහ

ජ්‍යේෂ්ඨ නිලධාරීන් :

සදෙව් නේසර
තෙවිඳු නෙත්මිර
නිපුන් ශ්‍රීමාල්
චානුක නෙත්මිර
නුරාන් ඉසුරංග
දනුජ පබසර
සෙනිත් හිරුණ
සිනෙත් විහඟ
සකුන සමරවික්‍රම
තරුන් නිම්සර
සිතුම් ප්‍රභාෂණ
හිරුණ මනුදය
ඉසර උදාර
යොහාන් යෙනූෂ
දනේෂ් නිපුන්
තුලක්ෂණ කේෂාන්