රාහුල විද්‍යාලයීය වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය 2025

විශිෂ්ටත්වයේ රාහුලීය සලකුණ! උදාර ක්‍රීඩා පෞරුෂයන් ඇගයීමට ලක් කළ, රාහුල විද්‍යාලයීය වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවයේ අභිමානවත් මතක සටහන.

රාහුල විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2025

විශිෂ්ටත්වයේ මාවතේ ජයග්‍රහණයේ රන් සලකුණු සනිටුහන් කරමින්, රාහුල විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඉතා උසස් අයුරින් නිම විය.

රාහුල විද්‍යාලයීය ක්‍රීඩා වර්ණ රාත්‍රිය 2025

මාතර රාහුල විද්‍යාලයීය වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය (Colors Night), දෙසැම්බර් මස 30 වන දින පස්වරු 2.30 සිට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අභිමානවත්ව පැවැත්වේ.

රාහුල විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 | දෙවන දිනය

රාහුල විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය (දෙවන දිනය) මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. දක්ෂතා දැක්වූ අපේම රාහුල පුත්‍රයන් ඇගයීමට ලක්වන මෙම අභිමානවත් අවස්ථාවට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු!

රාහුල විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 | පළමු දිනය

රාහුල විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය (පළමු දිනය) මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. දක්ෂතා දැක්වූ අපේම රාහුල පුත්‍රයන් ඇගයීමට ලක්වන මෙම අභිමානවත් අවස්ථාවට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු!

රාහුල විද්‍යාලය ජාත්‍යන්තර තලයට!

පිලිපීනයේදී අභිමානයෙන් පැවැත්වීමට නියමිත 33 වන ආසියා-පැසිෆික් කලාපීය බාලදක්ෂ ජැම්බෝරිය (33rd Asia-Pacific Regional Scout Jamboree) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මාතර රාහුල විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම සුදුසුකම් ලබා ඇත. ජාත්‍යන්තර තලයේ මෙවැනි ඓතිහාසික අවස්ථාවකට අපේ දූ දරුවන් එක්වීම සමස්ත විද්‍යාලයටම මෙන්ම රටටම මහත් ආඩම්බරයකි. මෙම ජයග්‍රහණය පිටුපස සිටින බාලදක්ෂ නායකතුමා ඇතුළු සමස්ත කණ්ඩායමටම අපගේ උණුසුම් සුබපැතුම්…

වාර්තා රැසක් බිඳ දමමින් විශිෂ්ට ජයක්! | රාහුල විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායම

කලාපීය මලල ක්‍රීඩා ශූරතාවලියේදී රාහුල විදුහල් ක්‍රීඩා කණ්ඩායම විසින් සිත්ගන්නාසුළු දස්කම් මාලාවක් ඉදිරිපත් කරමින්, ක්‍රීඩා පිටියේ තම ආධිපත්‍යය මොනවට පෙන්වා දුන්නා. ඔවුන්ගේ දක්ෂතාව සහ නොපසුබට උත්සාහය කෙතරම්ද යත්, සමස්ත තරඟ වාර්තා 11ක් බිඳ හෙළීමට ඔවුන්ට හැකි වුණා. මේ අසාමාන්‍ය ජයග්‍රහණය වෙනුවෙන් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත්, ඔවුන්ට මග පෙන්වූ පුහුණුකරුවන්ටත් හදවතින්ම සුබ පතනවා!