රාහුල විද්‍යාලයට සිය වසක් සපිරීම නිමිත්තෙන් සියවස් විශේෂ සමරු මුද්දරය සහ කවරය නිකුත් කිරීම 2023 අප්‍රේල් මස 25 වන දින ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදු කෙරිණ. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ගරු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, තැපැල්පති ජෙනරාල් රුවන් සත්කුමාර මහතා, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රජිත කේ. රනසිංහ මහතා, නියෝජ්‍ය තැපැල්පති (දකුණු පලාත) රවීන්ද්‍ර ගුණරත්න මහතා, ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂක රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ලංකා ද සිල්වා මහතා, ප්‍රාදේශීය තැපැල් අධිකාරී (මාතර) නිශාන්ත ලැනරෝල් මහතා, ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ ප්රචාරක නිලධාරී චන්න මුනසිංහ මහතා, ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ සහායක එස්. ජලදීපන් මහතා සහභාගී විය.