රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “රහල් සවිය” ශිෂ්‍යත්ව වැඩසටහන, ප්‍රධාන ආරාධිත වශයෙන් පැමිණි විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය, බ්‍රවුන්ස් කෘෂිකර්ම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වරයෙකු වන ඉන්දික ගුනවර්ධන මහතාගේ සහ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටු සාමාජික මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වින. මෙහිදී රහල් පුතුන් 225ක් සඳහා රුපියල් මිලියනකට ආසන්න ශිෂ්‍යත්ව සහ අංග සම්පූර්ණ පාසල් පොත් කට්ටල පිරිනැමීම සිදුකරන ලදී.
























