රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරගය 2020, ලෝකයටම බලපෑ covid වසංගත තත්වය හමුවේ පැවැත් වීමට නොහැකි විය. එමගින් එම කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට මුහුන දීමට සිදු අපහසුතාවයට යම් විසදුමක් ලෙස, රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරග සංවිධායක කමිටුව ගත් තීරණයකට අනුව එක් දින මහා ක්‍රිකට් තරගය පමණක් පැවැත්වීමට තීරණය කෙරිනි. ඒ අනුව එම එක් දින තරගය, මේ මස 24 වෙනි සෙනසුරාදා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත් වෙයි. මෙම තරගයේ සත්කාරත්වය ධර්මපාල විද්‍යාලය විසින් හොබවනු ලබයි.
මෙම තරගය සදහා ක්‍රීඩා කරන රාහුල විද්‍යාලයීය කණ්ඩායමට රාහුල විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් ද, එක් කර සිටිමු !
දැඩි සෞඛ්යාරක්ෂිත නීති රීති යටතේ මෙම තරගය පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කර ඇත
නැවතත් උත්සන්න වී ඇති Covid තත්වය හමුවේ දැඩි සෞඛ්යාරක්ෂිත නීති රීති යටතේ මෙම තරගය පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කර ඇති අතර, රාහුල පාර්ෂවයෙන් සහභාගී වන ක්‍රිකට් කණ්ඩායම, ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින්, ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්, ආදි ක්‍රිකට් ක්‍රීඩකයින් 100 දෙනෙකුට සීමා කරන ලෙස ධර්මපාල විද්‍යාලයීය පාර්ෂවයෙන් ඉල්ලීමක් කර ඇත. පවතින තත්වය හමුවේ මෙම තරගය සෞඛ්‍යාරක්ෂි නීති රීති යටතේ පැවැත්වීමට ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තු වන අතරම, නරඹන්නෙකු ලෙස පැමිණෙන ඔබ එම වගකීම හොදින් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු.