Sahas Thathmira
Class: 8 B

වර්ෂ 1864 සැප්තැම්බර් මස 17 වන දින මාතර හිත්තැටියේදි දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් අනගාරික ධර්මපාලතුමා උපත ලැබුවේ ය.කුඩා ඩේවිඩ්ගේ පියා දොන් කරෝලිස් මුදලිතුමා වන අතර මව මල්ලිකා හේවාවිතාරණ මැතිනියයි.පියා මාතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙනක්වන අතර මෙම පවුල ඉතාමත්  බෞද්ධ පවුලක් වූවේ ය. දොන් ඩේවිඩ් හේවාවිතාරණ කෙතරම් බෞද්ධ  දහමට ලැදි වුවද එදා ක්‍රමයට අනුව ඩේවිඩ් අධ්‍යාපනය ලැබුවේ මිෂනාරී කතෝලික පාසල් වලිනි.ඒවානම් දෙමටගොඩ බැක්ටිස් විද්‍යාලය, කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලය, කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලය හා ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයයි.පාසල් නිවාඩු දිනවල  මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිගෙන් බෞද්ධ  ධර්මය ඉගෙනීම සදහා දීපදුත්තාරාමයට ගියේය. මේ අතරේදී රජයෙන් ඩේවිඩ් වෙත පිරිනමනලද  ලිපිකරු තනතුර ප්‍රතික්ෂේප කළේ “මම අධිරාජ්‍යයේ ගැත්තෙක් නොවෙමි”යන උදාර වාක්‍යය ප්‍රකාශ කරමිනි. ඉන්දියාවේ පැවති බෞද්ධ සම්මේලනයකට සහභාගීවීමෙන් පසු දොන් ඩේවිඩ් හේවාවිතාරණ ධර්මපාල ලෙසට තමනම වෙනස්කර ගත්තේය. මෙතුමන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගතකළ බැවින් අනගාරික ධර්මපාල නමින් ප්‍රසිද්ධියට පත්විය. 1880 දී හෙන්රී ස්ටීල් ඕල්කට්තුමා සමග එකතුවූ මෙතුමන් පරමවිඥානාර්ථ ලෙස සංගමයක් ඇරඹුවේය.මෙම සංගමයේ ප්‍රතිඵලයක් ලෙස1886 දී බෞද්ධ ඉංග්‍රීසි පාසල් ලංකාවේ ඇරඹුණි.ඒවා අතර කොලඹ ආනන්ද විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය හා මාතර රාහුල විද්‍යාලය ප්‍රධාන තැනක් ගනී.
    අනගාරික ධර්මපාලතුමන්ට ශෝභන  මාලිගාව නමින් රථයක් තිබූ අතර එහි ”ගවමස් නොකනු ,මත්පැන් නොබනු” යන උදාර පාඨ සදහන්කර තිබුනි. 1891 වර්ෂයේදී ඉන්දියාවේ මහා‍බෝධි සංගමය ඇරඹීම හා ”සිංහලයනි නැගිටියව් බුද්ධගයාව බේරාගනිවු” යන උදාර පාඨය  යටතේ දේශන ද පැවැත්වූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස බුද්ධගයාව බෞද්ධ ජනයා හට ලැබුණි.මෙතුමන් කළ තවත් ශේෂ්ඨ ක්‍රියාවන් අතර ලංකාවේ බිදවැටුණ කර්මාන්ත යළි නගාසිටුවීම , දේශීය ආයුර්වේද ක්‍රමය ඇරඹීම හා ආයුර්වේද රෝහල් ඇරඹීම  ප්‍රධාන වේ.
    අනගාරික ධර්මපාලතුමන් මහාබෝධි මුද්‍රනාලය  නමින් පුවත්පත් , සගරා මුද්‍රනය කිරිම අරඹන ලදි. මෙසේ ටික කළක් යනවිට  ලංකාවේ ජනතාවගේ ක්‍රියාකලාපය පිලිබද  කළකිරීමක් ඇතිවී වර්ෂ 1931 ජූලි මස 13 වැනි දින  ඉන්දියාවට ගියේ ය. මෙලෙස ඉන්දියාවට ගිය මෙතුමන් බරණැස ඉසිපතනාරාමයේ මූලගන්ධකුටි විහාරයේ සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි වූවේ ය. ඉන්පසු ක්‍රමයෙන් රෝගාතුරු වූ මෙම හිමියන් වර්ෂ 1933 අප්‍රේල් මස 29 වන දින අපවත් වූවේ ය. මෙතුමන්ගෙන් සිදු වූ සේවය අප්‍රමාණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + seventeen =

Post comment