Sanula Dinsitha Lokugamage
Class: 8-I

කොවිඩ් මාරයා මුළු ලොව වෙලා    ගෙන

සියලු සතුන් යටපත් කර බලා         ගෙන

හෙට දින ඔහුව පලවා මුළු ලෝක    යෙන

අභියෝගයක් ඇත අප වීරයෝ      ලෙසින

 

ලෝකයේ එක් ප්‍රධාන රටක් වන චීනයේ වුහාන් නගරයෙන් ආ මොහු, දැනට ලෝකයේ බලවත්ම රට වන ඇමරිකාවත් යටත් කර ගනිමින් ලෝකයේ පාලකයා බවට පත්ව ඇත. ලෝකයේ එක් ප්‍රධාන රටක් වන චීනයේ වුහාන් නගරයෙන් ආ මොහු දැනට ලෝකයේ බලවත්ම රට වන ඇමරිකාවත් යටත් කර ගනිමින් ලෝකයේ පාලකයා බවට පත්ව ඇත. මොහු එක්තරා වෛරසයක් වන කොවිඩ් 19 ය. තවද මොහුගේ ප්‍රභේද ගණනාවක් ඇත. හෙට දින තවත් භයානක ප්‍රභේද මතු වීම වැළැක්විය නොහැකි කරුණකි.

ලෝකයේ  ජිවත් වී සිටින  පුංචි අපේ පාසැල සමග ඇති සබැඳියාව නැති කලේ කොවිඩ් මාරයාය. පුංචි අපේ අධ්‍යාපනය මෙන්ම ප්‍රයෝගික සහ  බාහිර  වැඩකටයුතු සියල්ල මොහු විසින් බිලිගත්තේය. අපි තවත් මොහු ඉදිරියේ නොවැටෙමු. කොවිඩ් මාරයාව තුරන් කර අපට උරුම අපේ අයිතීන් රැක ගැනීමට  එකා සේ පෙළගැසෙමු.

මොහු අපෙන් බිලිගත් දේ මෙන්ම ලබා දුන් දේ ද ඇත. නිතරම අත් පිරිසිදු කර ගැනීම, විශබීජ නාශක දියර පාවිච්චි කිරීම, මුඛ ආවරණ පැළද මිනිසුන් අතරට යෑම, නිතරම ශරීරය පිරිසිදුව තබා ගැනිම ආදියෙන් තවත් සෞඛ්‍යාරක්ෂිත ව ජීවත්
වීම,  නව රැකියා බිහි වීම, අප අවට පරිසරය ප්‍රාණවත් වීම,   පරිසර දූෂණය අවම වීම,   කෘතීම අහාර වලින් ඈත් වීම,  ස්වභාවික ආහර වලට පුරුදු වීම,  හිරුගේ අහිතකර විකිරණශීලි කිරණ වැළක්වීමට ඇති ඕසෝන් ස්තරය ආරක්ෂා වීම ආදී දේ අපට මොහුගෙන් ලැබුණේය.

මෙය තනි තනිව ගමන් කල නොහැකි ගමනකි. අපි එකට එක වී රටේ නීතිය පිළිපදිමින්  මොහුව පැරදවීමට අනුගමනය කළ යුතු සියලු දෑ අනුගමනය කරමින් දණින් නොවැටී එකා සේ පෙළ ගැසෙමු. දැනට මුළු ලෝකයම පාලනය කරන කොවිඩ් මාරයා තුරන් කිරීමට අපි සටන් කරමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + four =

Post comment