A. L. Yashen Yuthmika 
Class: 6 B

අප ඇතුළුව අපේ වටපිටාව පරිසරය ලෙස හඳුන්වනු ලැබෙයි. මිනිසා, සතුන්, ගස්වැල්, කුරුල්ලන්, ජලය, වාතය, පස යන සියලුම ස්වභාවික සම්පත් පරිසරයට අයත් වෙයි.

හුස්ම ගැනීමට අවශ්‍ය වාතය, කෑම සඳහා ආහාර, පානය කිරීම සඳහා ජලය වැනි මිනිසාගේ මූලික අවශ්‍යතා පරිසරය අපිට ලබා දෙයි. මිනිසාට මෙන්ම සතා සිවුපාවාට ද කුසගින්නට ආහාර, හුස්ම ගැනීමට පිරිසිදු වාතය, බීමට ජලය ද පරිසරය සපයයි.

නමුත් වර්තමානය වන විට මිනිසාගේ ක්‍රියාකාරකම් මඟින් පරිසරය දූෂණය වෙමින් පවතී. ගස් කැපීම, ජලයට අපද්‍රව්‍ය බැහැර කිරීම, වායුගෝලයට විෂ වායූන් එකතු කිරීම පරිසරය දූෂණය වීමට බලපෑ ප්‍රබල මිනිස් ක්‍රියාකාරකම් වේ.

පරිසරය දූෂණය වුවහොත් මිනිසාට හා සතුන්ට ආහාරය පිණිස නැවුම් ආහාර, බීමට පිරිසිදු ජලය, හුස්ම ගැනීමට පිරිසිදු වාතය නැති වී යාමට වුව ද හැකිවෙයි. අපි එනිසා ගස් කැපීම, ජලය අපිරිසිදු කිරීම වැනි ක්‍රියා සිදු නොකර ගස් සිටවා, ජලයට අපද්‍රව්‍ය බැහැර නොකර පරිසරය ආරක්ෂා කරමින් අනාගත පරපුරටත් හොඳ පරිසරයක් දායාද කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 − four =

Post comment