Yasindu Geethanjana
Class: 11 F
පරිස්සම් කළේ මා
නොයා මග නොදනි නම්
නොරිස්සුම් වුණේ නුඹ
පෙම් නුරා සිත් කොනින්
තිගැස්සුම් නොවූ මා
සිත නිවී සැනහුණෙම්
නැවැත්වෙම් මගේ සිත
නො කළ යුතු සැම දෙයින්
මවක් වූ විටෙක නුඹ
ළයට ඇමතූ බසින්
ළගට වූ සිහින ලොව
නොයන් සිත හැර දමන්
දැරූ බර ළය හොවා
දොවයි පෙම අම රසින්
මැවූ ලොව නො සිතුමුත්
දකියි මා නුඹ වෙතින්
තැවී වෙහෙසෙන නුඹ සිතින්
සිහින දකිනට මා ලොවෙන්
දිනන්නට ජය සැම මතින්
තැලී මිරිකෙන හැගුම මෙන්
ළගින් දිරිදෙන සිතක් නම්
සිටියි මා සෙවණැල්ල මෙන්
දකින නොදකින දෙවිවරුන්
දුටු නුඹත් මා දෙව්දුවක්
ලබන්නට මං නුඹ ලෙසින්
පෙමක් විදිනට නොවිදිමින්
කලක් නොව මා මියෙන කල්
ඔබයි දෙව්දූ පේ වුනෙන්
පිනක් පුරනෙමි මේ භවෙත්
ලබන්නට නුඹ හැම භවෙත්
ගුරු වු නුඹ මා පෙම් සිතින්
ළගයි හැම කල් සිහිවෙමින්
ගුරු මවුනි ආදරෙයි මා සදා…