Yasindu Geethanjana 
Class: 11 F

නෑසෙනා කතාවක් – පෙම්වදන් මිමිණෙන
පාරනා විඩාවක් – වේදනාවන් මකන

මතුවෙනා ආලයක් – රළු අතග සිඹ සැනෙන

උහුලනා නොසතුටක් – සතුටු සිත රජ කරන

නොවිඳිනා මහමෙරක් – දරු දෙනට මල් සිහින

සීරෙනා හදවතක් – ළයට ළය තෙත් කරන

වේලෙනා සිනාවක් – සිනාමල් පුබුදුවන

පේවෙනා දරුපෙමක් – සුමගටම දිවි දෙන

උතුරනා සෙනෙහසක් – ආදරේ කියාදෙන

අප්පච්චි නුඹ,
නොසිදෙනා ආදරේ…. උල්පතක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × four =

Post comment