S. S. S. එදිරිසූරිය 
Class: 13 M4

එදා හෙක්ටර් විජේසිරි මහතාගෙන් පද සංකල්පනාවකට ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ප්‍රවීණ ගායිකා චන්ද්‍රලේඛා පෙරේරා විසින් ගායනා කරන ලද “කිරි අම්මාවරු” ගීතයේ එන පුතු විසින් කියූ ලෙස සැලකිය හැකි,
මනංකල්පිත පිළිතුරු ගීතය…

“පුංචි කාලේ මං නොදන්න කමටයි
ඇසුවේ ඔබගෙන් දැක වඩිනා කිරි මව්වරු
පෙර දවසේ
සමාව අයදිමි අම්මේ ඔබගෙන්
ඔබ සිත රිදුණේ නම්
කඳුළැලි වැටුණේ නම්

මා අසනීපව සිටිනා කළ ඔබ
මා ළඟ නිදි හැර උන් අයුරූ
ඔබ නෙත් අවදිව මා උකුලට ගෙන
කීව කතන්දර හද රැඳුණු
මතකයි මට අම්මේ
සෙනෙහස ඔබගේ හදේ

නැතත් ඔබේ ලේ කිරි වීලා මට
ඔබයි මගේ මව් සැමදාමත්
එන්නෙමි මතු භවයක ඔබ පුතු වී
බලා සිටින්නට වඩින තුරා ඔබ
කිරි මව් වීලා මගේ
කෙදිනක හෝ සසරේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =

Post comment