රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරගය කල් යයි.

පැතිර යන නව කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙම මස 24 වනදා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියම්තව තිබූ එක්දින මහා ක්‍රිකට් තරඟය කල්තැබීමට සිදුවූ බව කණගාටුවෙන් දැනුම් දෙමු. පැවැත්වෙන දිනයන් පිලිබඳ පසුව දැනුම් දෙනු ලැබේ. සංවිධායක කමිටුව

රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරගය 2020

රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරගය 2020, ලෝකයටම බලපෑ covid වසංගත තත්වය හමුවේ පැවැත් වීමට නොහැකි විය. එමගින් එම කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට මුහුන දීමට සිදු අපහසුතාවයට යම් විසදුමක් ලෙස, රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරග සංවිධායක කමිටුව ගත් තීරණයකට අනුව එක් දින මහා ක්‍රිකට් තරගය පමණක් පැවැත්වීමට තීරණය කෙරිනි. ඒ අනුව එම එක් දින තරගය, මේ මස…

ප්‍රාථමික බාලදක්ෂයින්ගේ විසිර යාමේ උත්සවය

රාහුල විද්‍යාලයේ ප්‍රාථමික බාලදක්ෂයින්ගේ විසිර යාමේ උත්සවය අප්‍රේල් 7 වන දින විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලෙගේ මහතාගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පති පත්මිනි ගනේවත්ත මහත්මියගේ සහභාගීත්වයෙන් රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දී පැවැත්විණි. Previous Next

උණුසුම් සුබ පැතුම්!

ජාතික ශිෂ්‍යභට බලකායේ ශිෂ්‍යභටයෙකුට ලබා ගත හැකි ඉහළම නිලය වන “බලලත් නිලධාරී 1 – රෙජිමේන්තු සැරයන් මේජර්” නිලයට උසස් වීම් ලද විද්‍යාලයීය ශිෂ්‍යභට බටහිර තූර්ය වාදක කණ්ඩයේ ජයාරූ චතුර්ම පුතනුවන් හට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්!

රාහුල විද්‍යාලයට නව ක්‍රිකට් පුහුණු තණ තීරු

රාහුල විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සදහා අඩුපාඩුවක්ව පැවති,ක්‍රිකට් පුහුණු තණ තීරු, පසුගියදා සිසු අයිතියට පත් කෙරිනි. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය උදය හිත්තැටිය මහතාගේ ඇරයුමෙන්,එවකට ගරු අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මැදිහත්වීම මත,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ප්‍රථිපාදන මගින්,මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින්, මෙම ව්‍යාපෘතිය අවසන් කර ඇත. මෙම අවස්ථාව සදහා ගරු විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම…

රාහුලය 2020 – වාර්ෂික සඟරාව

“ රාහුලය ???? “ වාර්ෂික සඟරාව විද්‍යුත් සඟරාවක් ලෙස එළිදැක්වීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ශිෂ්‍ය නායක මණ්ඩලය 2020/21 මඟින් ආරම්භ කරන ලදී. අනුග්‍රහය: රාහුල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය

නව පාසල් හැඳුනුම්පත් හඳුන්වා දීම

2020 ඔක්තෝම්බර් මස 06 වන දිනට යෙදී තිබුණු ගුරු දිනයට සමගාමීව, අප විද්‍යාලයේ අධ්‍යයන කටයුතු වල නිරත වෙමින් රහල් සිසුන් යහමඟට යොමුකිරීමට කැපවෙන අපේම ගුරු මාපියවරුන් සහ විද්‍යාලයීය අනධ්‍යයන කාර්යය මණ්ඩලය වෙනුවෙන් “නවතම පාසල් හැඳුනුම්පතක්” හඳුන්වාදීම සහ ලබාදීම, රාහුල විද්‍යාලයීය 2020/21 ශිෂ්‍යනායක මණ්ඩලය විසින් අතිසාර්ථකව සිදුකරන ලදී. විශේෂ ස්තූතිය:-කිත්සිරි ලියනගමගේ මැතිතුමා ( ජාතික පාසල් අධ්‍යාපන…