මාතර රාහුල විද්‍යාලය යනු වසර 100ක් පුරා දිවයින පුරා කීර්තිය පැතිරූ ප්‍රෞඪ ඉතිහාසයක් හා එම ඉතිහාසය ගොඩනැංවීමට උපකාර වන වර්තමානයක් සහිත අභිමානවත් පාසලකි.
රාහුල විද්‍යාලීය ජේශ්ඨ බටහිර තූර්ය වාදක කණ්ඩය – “Beat Of Rahula” යනු රාහුල විද්‍යාලයේ එම ප්‍රෞඪත්වය ඔපනැංවීමට දායක වූ තවත් එක් විශේෂ කණ්ඩායමකි. දකුණු පලාතේ ප්‍රධානම තුර්ය වාදක කණ්ඩය ලෙස විද්‍යාලය නියෝජනය වන සියලු අවස්ථා වලදී, තුර්ය වාදක කණ්ඩයක් ලෙස රාහුල විද්‍යාලයේ අභිමානය ලොවට ගෙන යමින් කටයුතු කිරීම අපගේ මෙහෙවරයි.

සංගීතයේ කීර්තිය සඳහා කැපවන්න !

රාහුල විද්‍යාලීය ජේෂ්ඨ බටහිර තූර්ය වාදක කණ්ඩය දකුණු පලාතේ ප්‍රධානම තුර්ය වාදක කණ්ඩය ලෙස විද්‍යාලය නියෝජනය වන සියලු අවස්ථා වලදී තුර්ය වාදක කණ්ඩයක් ලෙස රාහුල විද්‍යාලයේ අභිමානය ලොවට ගෙන යාම අපගේ අරමුණයි.

රාහුල විද්‍යාලියය බටහිර තූර්ය වාදක කණ්ඩය සඳහා සාමාජිකයන් තොරාගනු ලබන්නේ 9 ශ්‍රේණිය හා 12 ශ්‍රේණිය අතර ශිෂ්‍යයන්ගෙන් ය. ජේෂ්ඨ කණ්ඩායම සඳහා 12 ශ්‍රේණියෙන් සමාජිකයන් පත්වන අතර එක් එක් ශිෂ්‍යයාගේ හැකියාව හා කැපවීම මත ඔවුන් හට තනතුරු මෙන්ම වගකීම් හිමිවේ. එම ක්‍රියාවලිය බටහිර තූර්ය වාදක කණ්ඩය භාර ගුරු භවතා හා ජේෂ්ඨ කණ්ඩායම් සාමාජිකයන් විසින් සිදුකරනා ක්‍රියාවලියකි.

  • “රහල් සියවස් ප්‍රාතාපය” හෙවත් රාහුල විද්‍යාලයට වසර 100ක් සැපිරීම නිමිති කරගනිමින්,රාහුල විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය, සාන්ත සර්වේශස් විද්‍යාලය, සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, සුජාතා විද්‍යාලය, ජනාධිපති විද්‍යාලය, මහින්ද රාජපක්ෂ විද්‍යාලය ( බාලක වාද්‍ය කණ්ඩය ), මහින්ද රාජපක්ෂ විද්‍යාලය ( බාලිකා වාද්‍ය කණ්ඩය ), මාතර මධ්‍ය මහා විද්‍යාලය, යන මාතර ප්‍රධාන පාසල් 8 ක තුර්ය වාදක කණ්ඩායම් සඳහා රාහුල විද්‍යාලයට අරාධනා කර සුහද තුර්ය වාදක සංදර්ශනයක් අති සාර්ථක ලෙස පවත්වන ලදී.

2015 :

  • සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ( මිශ්‍ර වාද්‍ය භාණ්ඩ )
  • දකුණු පළාත් ප්‍රථම ස්ථානය ( මිශ්‍ර වාද්‍ය භාණ්ඩ )

2016 :

  • සමස්ත ලංකා දෙවන ස්ථානය ( මිශ්‍ර වාද්‍ය භාණ්ඩ )
  • දකුණු පළාත් ප්‍රථම ස්ථානය ( මිශ්‍ර වාද්‍ය භාණ්ඩ )

2017 :

  • සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ( මිශ්‍ර වාද්‍ය භාණ්ඩ )
  • දකුණු පළාත් ප්‍රථම ස්ථානය ( මිශ්‍ර වාද්‍ය භාණ්ඩ )

2019 :

  • ශාස්ත්‍රීය මණ්ඩල සමස්ත ලංකා තෙවන ස්ථානය ( සමූහ ) 

2022 :

  • ශාස්ත්‍රීය මණ්ඩල සමස්ත ලංකා දෙවන ස්ථානය ( සමූහ )

භාර ගුරුභවතා :

කුශානි අබේරත්න මහත්මිය

නායක :

මහිත් පලිහක්කාර

උප නායක :

තිසුම් දිවන්ජන

සංගීත අධ්‍යක්ෂක :

කුෂාන් අචින්ත යාපා

ජ්‍යේෂ්ඨ කණ්ඩායම :

ලකිල නිසල් විජේරත්න
තරුෂ නිම්සර
ඔමිත වෙත්නුල ද සිල්වා
ඔනෙත් ඉන්සිත මනම්පේරි