රාහුල විද්‍යාලයේ ශිෂ්‍යයන් හට මව් භාෂාවට අමතරව දෙමළ භාෂාව ඉගැන්වීම සහ ඔවුන් තුල දෙමළ භාෂා හැකියාවන් වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන පාසල් දෙමළ සංගමය ආරම්භ කර තිබේ. වර්තමානය වන විට චතුරි බණ්ඩාර මිය, ලක්ෂ්මි රත්නායක මිය හා ඉන්ද්‍රානි මිය අප පාසලේ දෙමළ භාෂාව උගන්වනු ලබති.
රජයේ පාසල්වල දෙමළ භාෂාව ඉගැන්වීම ක්‍රියාත්මක කරන ලද්දේ වර්ෂ 1984 වුවද මෙම විෂයට අදාල ගුරුවරුන් නොමැති වීම හේතුවෙන් දෙමළ විෂය ඉගැන්වීම ක්‍රියාත්මක වූයේ පාසල් කිහිපයක පමණි. පසු කලෙක අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සදහා දෙමළ භාෂාව කාණ්ඩ විෂයක් ලෙස අනිවාර්ය කිරීමත් සමග පාසල්වල දෙමළ විෂයට අදාළ ගුරුවරු බිහිවිය. එලෙස අප විදුහලේ 2019 වසර දක්වා එදිරිසූරිය මිය, සුභා මිය හා දීපිකා නිල්මිණි මිය පාසල් සිසුන්ගෙ දෙමළ භාෂා හැකියා ඉහළ නංවාලීම සදහා කැපවීමෙන් ක්‍රියාකරන ලදී.