
බෞද්ධ සංගමය යනු පාසල් ප්‍රජාවගේ සාරධර්ම සහ ආකල්ප සංවර්ධනය මූලික ම අභිලාෂය කොට ගත් විද්‍යාලයීය සංවිධානයකි. උසස් ගුණාංග හා සාරධර්ම වලින් පිරිපුන් ශිෂ්‍ය ප්‍රජාවක් සහිත රාහුල විද්‍යාලයේ, බෞද්ධ සංගමයද අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියයි…
රහල් ප්‍රජාවගේ සාරධර්ම සංවර්ධනය උදෙසා වැඩසටහන් සංවිධානය කිරීම.
- පෙර පොහොය දින ධර්ම දේශනා වැඩසටහන් සංවිධානය කිරීම.
වෙසක් , පොසොන් පුර පොහොය දින විශේෂ සැමරුම්.
දෛනික ව පාසල තුළ සිදු කෙරෙන බුද්ධ පූජා සහ බුද්ධ මන්දිරයේ පවිත්‍රතාවය පවත්වාගැනීම.
ක්‍රියාකාරිත්වය
- 6 සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති නියෝජනය කරමින් සාමාජිකයන් දෙදෙනා බැගින් සහ ශ්‍රේණි නියෝජනය කරමින් එක් කාරක සභිකයෙක් පත් කරගනු ලැබේ.
- උසස් පෙළ ශිෂ්‍යයින් වෙනුවෙන් අංශ මට්ටමින් එක් කාරක සභිකයෙකු වන සේ සාමාජිකයන් පත් කරගනු ලැබේ.
- උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ශිෂ්‍යයින්ගෙන් සමන්විත නිලධාරී මණ්ඩලය රාහුල විද්‍යාලයීය බෞද්ධ සංගමය භාර ආචාර්යවරයාගේ මඟපෙන්වීම යටතේ කටයුතු කරයි.
- විද්‍යාලයීය ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේලා ,ගරු විදුහල්පතිතුමන් , නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන්ගේ අධීක්ෂණය මත විද්‍යාලයීය බෞද්ධ සංගමය කටයුතු කරයි.
ජයග්‍රහණ
- 2019
- අන්තර් පාඨශාලයීය බෞද්ධ නාට්‍ය තරගාවලිය සඳහා අප විද්‍යාලයීය නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ “ වෙසක් කූඩුව ” නම් නාට්‍ය එම තරගාවලියේ ප්‍රශස්ත ම නාට්‍ය ත්‍රිත්වය අතරට එක් වීම. එම නාට්‍යයේ පිටපත සහ පුහුණුව, විද්‍යාලයීය නාට්‍ය හා රංග කලාව විෂය භාර ආචාර්යය නිපුන බාලසූරිය මහතා විසින් සිදුකරන ලදි.
- මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සංවිධානය කරන ලද අන්තර් පාඨශාලයීය සිසු නිපුණතා තරගාවලියේ කථික ජේෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය – නිසල් කොඩිතුවක්කු
- 2021
- මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් සංවිධානය කරන ලද “දම්රද පැනසර “දහම් දැනුම තරගාවලියේ අනුශූරතාවය හිමි කරගැනීම. ඒ සඳහා කණ්ඩායම පුහුණු කිරීම බෞද්ධ සංගමය භාර ප්‍රේමසිරි ගුරු පියාණන් විසින් සිදු කරන ලදි.
ජයග්‍රාහී කණ්ඩායම :
නිසල් කොඩිතුවක්කු
දෙනෙත් මුණසිංහ
සචින්ත දිල්ෂාන්
මංජි ලියනාරච්චි
සුසර රුවන්පතිරණ
- මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් සංවිධානය කරන ලද “දම්රද පැනසර “ දහම් දැනුම සමස්ත තරගාවලියේ ලකුණු අතර ප්‍රථම ස්ථානය හා දෙවන ස්ථානය දිනා ගැනීම.