පාගමන සඳහා සහභාගී වූ රාහුල බාලදක්ෂයින්
මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය විසින් බාලදක්ෂ ව්‍යාපාරයට වසර 110ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන සහ පා ගමන සඳහා රාහුල විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම සහභාගී විය.
රාහුල වංශ කතාවේ නැවුම් පිටුවක් සනිටුවන් කරමින් 1907 වර්ෂයේදී ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවල් සාමිවරයා විසින් ආරම්භ කරන ලද බාලදක්ෂ ව්‍යාපාරය,රාහුල විද්‍යාලය තුළ ආරමිභ කිරීමේ නියත විවරණ ලබනුයේ 1928 වර්ෂයේදීය. එවකට විද්‍යාලයීය ගරු විදුහල්පති වරයා වූයේ G.විලියම් ද සිල්වා මහතා ය.
1951 සැප්තැම්බර් මස 21 වන දින විද්‍යාලීය ගරු විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ D.J. කුමාරගේ මහතාගේ සේවා කාලය තුලදී එවකට විද්‍යාලයීය ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ S.H.A.සේනානායක මහතාගේ මූලිකත්වයෙන් යුතුව බාලදක්ෂයන් 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව “තුන්වන මාතර රාහුල බාලදක්ෂ සමූහය” ලෙස රාහුල බාලදක්ෂ සමූහයට නැවතත් පණපොවන ලදි.
1953 දී මාතර දිස්ත්‍රික් ප්‍රථම රැජින බාලදක්ෂ කණ්ඩායම බිහි කිරීම.
1953 දී මානවක බාලදක්ෂ ව්‍යාපාරයත් පෝතක බාලදක්ෂ ව්‍යාපාරයත් ආරම්භ කිරීම.
1980 – 2005 දක්වා රාහුල විද්‍යාලයීය බාලදක්ෂ ආචාර්යවරයා ලෙස රාජා මුත්තුක්කාර මහතා පත්වීමත් සමග තුන්වන මාතර රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ ස්වර්ණමය යුගය ආරම්භ විය.
1990 දී ලංකා G. නිශාන්ත සිල්වා මහතා විසින් රාහුල විද්‍යාලයීය තුන්වන මාතර බාලදක්ෂ සමූහයේ නිල ලාංඡනය නිර්මාණය කරන ලදි.
1991 වසරේ රාහුල බාලදක්ෂ සමූහයේ හතළිස් වන සංවත්සරය වෙනුවෙන් බාලදක්ෂයින් 3000 කගේ පමණ සහභාගිත්වයෙන් රූබී ජුබිලි කදවුර රාහුල විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වීම.
1992 දී රාහුල බාලදක්ෂ සමූහයට වසර 41 ක් සපිරීම නිමිත්තෙන් දිස්ත්‍රික් බාලදක්ෂ රැලියක් පැවැත්වීම.
1993 දී රාහුල බාලදක්ෂ සමූහයට වසර 42ක් සපිරිම නිමිත්තෙන් දිස්ත්‍රික් බාලදක්ෂ රැළියක් පැවැත්වීම.
1999 දී රාහුල බාලදක්ෂ සමූහයට වසර 48ක් සපිරීම නිමිති කරගනිමින් බාලදක්ෂයින් 300 කගෙන් පමණ යුත් බාලදක්ෂ දිනයක් සංවිධානය කිරීම
2003 දී රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහයට 52 වසරක් පිරීම නිමිත්තෙන් ද බාලදක්ෂ දිනයක් සංවිධානය කිරීම.
2004 වසරේ රාහුල විද්‍යාලයීය ආදි බාලදක්ෂ සංසදය පිහිට වීම.
2008 වසරේ දිස්ත්‍රික් බාලදක්ෂ පුහුණු වැඩසටහනක් පැවැත්වීම.
2011 වසරේ ආරම්භ කළ සිංහයන්ගේ පිබිදීම ජාතික මට්ටමේ ගවේෂණ තරගාවලිය ආරම්භ කිරීම. ( එය මේ වන තෙක් වසර 9ක් අඛණ්ඩව පවත්වාගෙන යන්නකි )
2021 වසරේදී රාහුල විද්‍යාලයීය බාලදක්ෂ ධජය නිර්මාණය කිරීම.
2021 වසරේදී රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ 70 වන සංවත්සරය නිමිත්තෙන් නිල ලාංජනයක්ද එලිදක්වන ලදී.
2021 වසරේදී අභිනව බාලදක්ෂ ගෘහයටද මුල්ගල් තබන ලදි.
2021 වසරේදී ලංකාවේ පළමු සමස්ථ ලංකා මාර්ගගත බාලදක්ෂ තරගාවලිය වූ “Inqu Expedition ’21” තරගාවලිය සංවිධානය කිරීම
මේ වන විට රැජින බාලදක්ෂයින් ජනාධිපති බාලදක්ෂයන් හා රන්තරු ලාභී පෝතක බාලදක්ෂයින් 500 කට අධික පිරිසක් ජාතියට දායාද කිරීමට සමත් වූ රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහය වර්තමානය වන විට සිගිති පෝතක හා බාලදක්ෂ යන අංශයන්හි බාලදක්ෂයින් 700 කටත් අධික ප්‍රමාණයකින් සමන්විතය.
මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය විසින් බාලදක්ෂ ව්‍යාපාරයට වසර 110ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන සහ පා ගමන සඳහා රාහුල විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම සහභාගී විය.
2022 නොවැම්බර් මස 26 වැනි දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී පවත්වන ලද ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රථම ජාතික කිඩෝරිය සඳහා මාතර දිස්ත්‍රික්කය නොයෝජනය කරමින් රාහුල විද්‍යාලයීය සිඟිති බාලදක්ෂයින් 74 දෙනෙකු සහභායී විය. ඡායාරූප අනුග්‍රහ – අමිල කන්ද උඩ ආරච්චිගේ මහතා
රාහුල විද්‍යාලයීය සිව්වන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිඟිති බාලදක්ෂයන් 74 දෙනෙක් පදක්කම් ලැබීමේ සහ තෙවන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිසුන් 81 දෙනෙක් විසිර යෑමේ උළෙල, “අභිසෙස් 2022” විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ මග පෙන්වීමෙන්, රාහුල විද්‍යාලයීය ජනාධිපති බාලදක්ෂ 4 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරී අණදෙන මේජර් S.G. වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් V.G. ඉන්දික ප්‍රසන්න මහතාගේ සහභාගීත්වයෙන්…
13 වන ජාතික කබෝරිය ට සමගාමීව මාතර රාහුල විද්‍යාලයේ පැවති පෝතක බාලදක්ෂ දරුවන් තුන්සියයකට ආසන්න පිරිසක් සහභාගිවූ කබෝරිය විද්‍යාලයීය ප්‍රාථමික අංශ පරිශ්‍රයේදී පසුගියදා සාර්ථකව පැවැත්විණ. ඡායාරූප අනුග්‍රහය : අමිල නිශාන්ත මහතා සහ හසිත පෙරේරා මහතා
රාහුල විද්‍යාලයීය පෝතක බාලදක්ෂයින්ගේ පදක්කම් පැළඳවීමේ උත්සවය රාහුල විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ, නියෝජ්‍ය විදුහලපතිනී ලලනි කුමාරි මහත්මියගේ සහ රාහුල ප්‍රාථමික විද්‍යාලයීය විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාහුල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී පවත්වන ලදී.
රාහුල විද්‍යාලයීය සිඟිති බාලදක්ශ 3 වන කණ්ඩායමේ සාමාජික පදක්කම් පැළඳවීමේ උළෙල “අභිසෙස් 2021” විද්‍යාල්‍යිය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ හා දිස්ත්‍රික් බාලදක්ශ කොමසාරිස් ඉන්දික ප්‍රසන්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මහත්මියගේ මගපෙන්වීම යටතේ ප්‍රාථමික විද්‍යාලයීය සිඟිති බාලදක්ශ සමූහය භාර ආචාර්ය දේවිකා මිහිරාණි හා චන්දිමා තිලකරත්න මහත්මීන්ගේ මෙහෙයවීමෙන් පැවැත්විනි.
3 වන මාතර බාලදක්ෂ සමූහය අභිමානවත් 70 වන වර්ෂ පූර්ණය සම්පූර්ණ කළ වගයි.
රාහුල විද්‍යාලයේ ප්‍රාථමික බාලදක්ෂයින්ගේ විසිර යාමේ උත්සවය අප්‍රේල් 7 වන දින විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලෙගේ මහතාගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පති පත්මිනි ගනේවත්ත මහත්මියගේ සහභාගීත්වයෙන් රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දී පැවැත්විණි. Previous Next