රාහුල විද්‍යාලයේ පැසිපන්දු කණ්ඩායමේ අරමුණ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ  බැඩ්මින්ටන් පාසල් කණ්ඩායමක් වීමයි.

නූතන ජයග්‍රහණ

විද්‍යාලයීය පැසිපන්දු කණ්ඩායම මීට පෙර ශූරතා රැසක් දිනාගෙන ඇත. මෙම ශූරතා අතර මෑතකාලීන ජයග්‍රහණ කිහිපයක් පහත දැක්වේ.

2016 වසරේ ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමයේ ‘සී’ කොටසේ තරගයේදී තෙවිඳු දිල්මිත්ගේ නායකත්වයෙන් යුත් වයස අවුරුදු 17න් පහළ පැසිපන්දු කණ්ඩායමට දෙවැනි ස්ථානය හිමිව තිබේ. එම තරඟාවලියේ දක්ෂතම ආරක්ෂක ක්‍රීඩකයාට හිමි කුසලානය විද්‍යාලයීය කණ්ඩායමේ උපනායක නිමේෂ් ආකර්ෂණ විසින් හිමිකර ගන්නා ලදී.

මනුජ කේශික සහ චන්දුප ඉඳුවරගේ නායකත්වයෙන් 2017 වසරේ ජාතික පාසල් දකුණු පළාත් පැසිපන්දු තරගාවලියේ 2 වැනි ස්ථානය දිනා ගැනීමට ද වයස අවුරුදු 15න් පහළ පැසිපන්දු කණ්ඩායම සමත් විය.

කැපී පෙනෙන ආදි ශිෂ්‍යයින්

රාහුල මාතාව ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා කළ විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් බිහි කිරීමට සමත් විය. එවැනි ක්‍රීඩකයන් සඳහා නිදසුන් ලෙස, කපිල ලියනගේ මහතා සහ ටී. ටී. ඊ. ජයසේකර යන මහතා දැක්විය හැක. ඔවුන් ක්‍රීඩා කළ සෑම ශූරතාවකම හොඳම දස්කම් දක්වමින් අපේ රාහුල මාතාවට ගෞරවය ගෙන ඒමට සමත් විය.